ප්‍රමුඛ පුවත 1

“සුවසැරිය” දෙවන අදියරටත් සුදානම්

(UTV|කොළඹ)  – 1990 “සුවසැරිය” හදිසි ගිලන්රථ සේවා II වන අදියර සඳහා ගිවිසුමට අත්සන් තැබීම ඊයේ (03) දින අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

එම ගිවිසුමට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතාත්, ඉන්දියාව නියෝජනය කරමින්  ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ශ්‍රී තරංජිත් සිං සංධු (H.E.  Taranjit Singh Sandhu) මහතාත් අත්සන් තබන ලදී.

මෙම අවස්ථාවට  සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක ඇමතිවරු ප්‍රමුඛ රාජ්‍ය නිලධාරිහු රැසක් සහභාගිව සිටියහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

උතුරේ බිම්බෝම්බ ඉවත් කිරීම 95% ක් අවසන්

Mohamed Dilsad

පිපිරීම් වලින් මිට ගිය සංඛ්‍යාව 359 දක්වා ඉහළට

Mohamed Dilsad

13 වසරක අඛණ්ඩ අධ්‍යාපන වැඩසටහන සඳහා ෆින්ලන්ත රජයේ සහය (ඡායාරූප)

Mohamed Dilsad

Leave a Comment