Trending Newsඑසැන පුවත්දේශීය

වෛද්‍ය බෙල්ලන, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට  ප්‍රකාශයක් දී පිටව යයි

ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (27) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා මේ වනවිට ඉන් පිටව ගොස් තිබේ.

ඔහු සඳහන් කළේ මරණ තර්ජනයක් ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා තමා මෙලෙස CID හමුවේ පෙනීසිටි බවය.

කොළඹ ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාගේ රාජකාරී වැඩ තහනම් කිරීමට ද පසුගියදා පියවර ගැනුණි.

ඒ, සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් සිදුකරන ලද මූලික විමර්ශනයන්ට අනුව ඒ මහතා වගකිවයුතු තනතුරක් දරණ රජයේ වෛද්‍ය නිලධාරියෙකු වශයෙන් විවිධ මාධ්‍ය ඔස්සේ රට තුළ ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති වන ආකාරයෙන් සහ මහජනතාව තුළ නොසන්සුන්තාවයක් ඇති වන ආකාරයෙන් කටයුතු කරමින් අනුමැතියකින් තොරව ජනමාධ්‍ය වෙත ප්‍රකාශ සිදුකර ඇති බවය සිද්ධියක් සම්බන්ධයෙනි.

Related posts

රවින්ද්‍ර උදේශාන්තට වරෙන්තු

Mohamed Dilsad

විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි ඉල්ලීමක්

Mohamed Dilsad

පොලිසියේ තවත් පිරිසකට ස්ථාන මාරුවීම්

Mohamed Dilsad

Leave a Comment