දේශීය

රවින්ද්‍ර උදේශාන්තට වරෙන්තු

(UTV | කොළඹ) – කොළොන්නාව නගර සභාවේ හිටපු සභාපති රවින්ද්‍ර උදේශාන්ත දොඩම්පේගම මහතා අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ මහාධිකරණය වරෙන්තු නිකුත් කර තිබේ.

ඒ අද (03) කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා හමුවේ කැදවූ අවස්ථාවේදීයි.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවේ සාක්ෂිකරුවකු වශයෙන් රවින්ද්‍ර උදේශාන්ත මහතා නම් කර තිබුණද ඔහු සාක්ෂි දීම සඳහා අධිකරණයේ පෙනී නොසිටීම හෙතුවෙන් මම නියෝගය නිකුත් කර ඇත.

ඒ අනුව නඩුවේ වැඩිදුර විභාගය මැයි මස 21 වැනිදා දක්වා කල් තැබේ.

 

 

Related posts

තවත් පුද්ගලයින් 290,615 කට කොවිඩ් එන්නත

Mohamed Dilsad

සියලු රාජ්‍ය සේවකයින්ට විශේෂ දැනුම් දීමක්

Mohamed Dilsad

බුද්ධි නිලධාරීන් අනතුරට ලක් කළ රියදුරු රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment