දේශීය

රවින්ද්‍ර උදේශාන්තට වරෙන්තු

(UTV | කොළඹ) – කොළොන්නාව නගර සභාවේ හිටපු සභාපති රවින්ද්‍ර උදේශාන්ත දොඩම්පේගම මහතා අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ මහාධිකරණය වරෙන්තු නිකුත් කර තිබේ.

ඒ අද (03) කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා හමුවේ කැදවූ අවස්ථාවේදීයි.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවේ සාක්ෂිකරුවකු වශයෙන් රවින්ද්‍ර උදේශාන්ත මහතා නම් කර තිබුණද ඔහු සාක්ෂි දීම සඳහා අධිකරණයේ පෙනී නොසිටීම හෙතුවෙන් මම නියෝගය නිකුත් කර ඇත.

ඒ අනුව නඩුවේ වැඩිදුර විභාගය මැයි මස 21 වැනිදා දක්වා කල් තැබේ.

 

 

Related posts

වස විස නොමැති ආහාර වලට ඇති ඉහළ ඉල්ලුම සපුරාලීම සඳහා කාබනික ගොවිතැන ව්‍යාප්ත වේ

Mohamed Dilsad

අද දිනයේ ලැබෙන ව්‍යාජ පණිවුඩ වලින් ප්‍රවේසම් වන්න

Mohamed Dilsad

ජපානයේ වැඩිහිටි ජනගහනය ඉහළ ට

Editor O

Leave a Comment