දේශීය

අපයෝජනයට ලක්වු දැරියගේ තොරතුරු විමර්ශනයට

(UTV | කොළඹ) – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අන්තර් ජාලයේ පළ වු ළමා අපයෝජන වීඩියෝවට අදාළ සැකකරුවන් හඳුනා ගැනීමට මේ වන විට විමර්ශන ආරම්භ කර ඇත.

පොලීසිය පවසන ආකාරයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අදාළ වීඩියෝව අන්තර් ජාලය තුළ ප්‍රචාරණය වීම සම්බන්ධයෙන් ජාල ගත ආවේෂණ සිදු කරමින් මෙම සැකකරුවන් හඳුනා ගැනීමට උත්සහ දරනු ඇතැයි ද පවසයි.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම කඩිනම් කිරීම සඳහා අන්තර් ජාලය තුළ ප්‍රචාරණය වු වීඩියෝවේ සිටින වින්දිත දැරියගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට අවශ්‍ය බවද පොලීසිය පවසයි.

ඒ අනුව එම වීඩියෝවේ සිටින දැරිය සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ 077 78 78 414,071 82 64 024 දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලීසිය මහජනතාවට පවසයි.

Related posts

කුණාටු වියදම වැඩි වෙයි… ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම නැවත සාකච්ඡා කිරීමට ආණ්ඩුව සූදානම් වෙයි

Editor O

ලෝක සවාරියක යෙදී සිට ශ්‍රී ලාංකිකයෙකු රටට ඇතුළු වීමට අවසර ඉල්ලයි

Mohamed Dilsad

සිරිල් ගාමිණී පියතුමා අත්අඩංගුවට ගන්නේ නෑ – CID

Mohamed Dilsad

Leave a Comment