දේශීය

ලෝක සවාරියක යෙදී සිට ශ්‍රී ලාංකිකයෙකු රටට ඇතුළු වීමට අවසර ඉල්ලයි

(UTV |කොළඹ ) – ලෝක සවාරියක යෙදෙන MSC Magnifica නෞකාවේ සිටින ශ්‍රී ලාංකිකයෙකු නැවත ශ්‍රී ලංකාවට ඇතුළු වීමට අවසර ඉල්ලයි.

මෙම නෞකාව 06 දා ශ්‍රී ලංකාවේ කොළඹ වරායට සේන්දුවීමට නියමිත බවත් එහිදි තමාව ශ්‍රී ලංකාවට භාර ගන්නා ලෙසත් ඔහු ඉල්ලීමක් කර ඇත.

එම නෞකාවේ සේවය කරන එකම ශ්‍රී ලාංකිකයා වන අනුර බණ්ඩාර මහතා
ජනාධිපතිතුවරයාගෙන් හා අග්‍රාමාත්‍යවරයාගෙන් මේ සම්බන්ධයෙන්
ඉල්ලීමක් කර තිබේ.

ලෝක සවාරියක් යන මෙම නෞකාව ජනවාරි මස 5 වෙනිදා පිටත්ව ගියේය.
එහි සමස්ත මගින් 2700 ක් සිටින බවත් කොරෝනා වසංගතය හේතුවෙන් මෙම සංචාරය ඕස්ට්‍රේලියාවේදි නවතා දැමීමට සිදුවූ බවත් ඔහු සඳහන් කර ඇත.

ලෝකයේ කිසිදු රටක වාරයක් මෙම නෞකාව භාර නොගැනීම හේතුවෙන් නෞකාවේ මවු ශාකාව පිහිටා තිබෙන ඉතාලිය බලා පිටත් වීම සඳහා දැන් ගමන් ආරම්භ කර සිටියි.

මේ වන විට දින 25 ක් ක කාලයක් සියලු දෙනා මෙම නෞකාවේ රැදි සිටින අතර කිසදු කොරෝනා ආසාදිතයෙක් නෞකාවෙන් වාර්තා වී නොමැත.

මෙම නෞකාවට සැපයුම් ලබා ගැනීම සඳහා හෙට අලුයම 6 ට පමණ කොළඹ වරායට පැමිණ පැය 3 ක කාලයක් රැදි සිටීමට නියමිතය.

එහිදි ශ්‍රී ලංකාවට තමාව භාර ගන්නා ලෙස අනුර බණ්ඩාර මහතා ඉල්ලීමක් කරයි.

තමාව හෙට දිනයේදි ලංකාවට ලබා ගැනිමට කටයුතු කරන ලෙසත් තමා මාසයක් දෙකක් හෝ නිරෝධායනයට යොමු වීමට කැමැත්ත ප්‍රකාස කර සිටින්නට කැමැති බවද අනුර බණ්ඩාර මහතා කියා සිටියි.

Related posts

සේවක අර්ථසාධක අරමුදලේ ලියාපදිංචිය අලුත් ආකාරයකට

Editor O

පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

Mohamed Dilsad

ජපානයේ බැංකු විසින් මෙරට බැංකුවල ණයවර ලිපිය ප්‍රතික්ෂේප කරනවා – ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය

Editor O

Leave a Comment