Trending Newsඑසැන පුවත්දේශීය

ජපානයේ බැංකු විසින් මෙරට බැංකුවල ණයවර ලිපිය ප්‍රතික්ෂේප කරනවා – ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය

ලංකාවට වාහන ආනයනය කිරීම සඳහා අවසර ලබාදී ඇතත් ජපාන වාහන මෙරටට වාහන ආනයනය කිරීමේදී ගැටලුවක් මතුවී ඇති බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි.

එහි සභාපති ඉන්දික සම්පත් මෙරංචිගේ මහතා පෙන්වා දෙන්නේ ජපානයේ බැංකු විසින් මෙරට බැංකුවල ණයවර ලිපිය ප්‍රතික්ෂේප කරන තත්ත්වයකට පත්ව ඇති බවයි.

ඒ හේතුවෙන් වාහන ආනයන සමාගම් හා ආනයනකරුවන්ගේ පුද්ගලික විශ්වාසය හා ඔවුන්ගේ හැකියාව මත වාහන ගෙන ඒමට සිදුවී ඇති බවද ඔහු කියා සිටියේය.

මෙම තත්ත්වය මඟ හරවා ගැනීමට බැංකු හරහා තවත් ක්‍රමවේදයක් ඇති බවත් එයින් ද සිදුවන්නේ වාහනවල අමතර මුදලක් වැය වී වාහන තවත් මිල ඉහළ යාම බවද හෙතෙම තව දුරටත් පැවසුවේය.

Related posts

Decision taken to increase bus fares from 1st of July

Mohamed Dilsad

ව්‍යාජ මුදල් නෝට්ටු ගැන අවධානයෙන් පසුවන්නැයි දැනුම් දීමක්

Mohamed Dilsad

லோட்டஸ் சுற்றுவட்ட வீதிக்கு பூட்டு

Mohamed Dilsad

Leave a Comment