Trending Newsඑසැන පුවත්දේශීය

සජබ සහ එජාප ය අතර විශේෂ සාකච්ඡාවක්

සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානීන් අතර විශේෂ සාකච්ඡාවක් අද (30) කොළඹ දී පැවැත්වින.

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, උප නායක අකිල විරාජ් කාරියවයසම්, උප සභාපති නවීන් දිසානායක යන මහත්වරු එජාපය වෙනුවෙන් සාකච්ඡාවට සහභාගි වූහ.

මෙය තීරණාත්මක මට්ටමේ දේශපාලන සාකච්ඡාවක් නොවුවද පක්ෂවල පාක්ෂිකයින් හා සැලකීමේදී අදාළ සාකච්ඡාව ඉතා වැදගත් සාකච්ඡාවක් බව සඳහන් වේ.

පැය කිහිපයක් පුරා ඉතා සුහදව මෙම සාකච්ඡාව පැවති අතර තවදුරටත් අදාළ සාකච්ඡා ඉදිරියට පවත්වාගෙන යෑමට දෙපාර්ශ්වයම එකඟතාව පළකර ඇති බවද සඳහන් වේ.

මේ අතර මෙම සාකච්ඡාව සම්බන්ධයෙන් හෙට (31) දිනයේදී එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා දැනුවත් කිරීමට නියමිත බවද සදහන්. .

Related posts

“Health is Wealth Day’ an awareness campaign at Green Path A initiative by Lions Club International

Mohamed Dilsad

බලපත්‍ර රහිත ගිනි අවි රජයට භාර දීම සඳහා සහන කාලයක්

Mohamed Dilsad

UCPF extends support to Ranil Wickremesinghe

Mohamed Dilsad

Leave a Comment