ජාතික ජන බලවේග ආණ්ඩුව, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාව (RTI Commission) අකර්මන්‍ය කිරීමට පියවර ගෙන ඇතැයි සිවිල් ක්‍රියාකාරී කීර්ති තෙන්නකෝන් මහතා චෝදනා කරයි. .
ස්වාධීන වෘත්තීය සමිති නියෝජනය කරන සිවිල් සංවිධාන එකමුතුව විසින් සංවිධානය කළ, හෝටල් නිපොන්හි පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ තෙන්නකෝන් මහතා කියා සිටියේ, තොරතුරු කොමිෂමේ සාමාජිකයෙකුව සිටි නීතිඥ ජගත් ලියනාරච්චි මහතා මෑතකදී සිය ධුරයෙන් ඉල්ලා අස්වූයේ එම ආයතනයේ ස්වාධීනත්වයට ආණ්ඩුව විසින් එල්ල කරන ලද බලපෑම් හේතුවෙන් බවයි.
තොරතුරු ලබාගැනීමේ ක්‍රියාවලිය අවහිර කරමින්, කොමිෂමේ නිදහස සීමා කිරීම සඳහා ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරන ලද අදූරදර්ශී වැඩපිළිවෙළ මීට ප්‍රධාන හේතුව වී ඇති බව හෙතෙම පෙන්වා දුන්නේය.
කැෆේ (CaFFE) සංවිධානයේ හිටපු ප්‍රධානී තෙන්නකෝන් මහතා මෙහිදී අවධාරණය කළේ, පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද තොරතුරු දැනගැනීමේ පනතට පටහැනිව ක්‍රියා කරන ලෙසත්, තොරතුරු ලබා නොදෙන ලෙසත් ආණ්ඩුව විසින් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත උපදෙස් දී ඇති බවයි.
මෙමගින් ජාතික ජන බලවේග ආණ්ඩුව තොරතුරු පනත හෑල්ලුවට ලක් කර ඇති බව ඔහු චෝදනා කළේය.
ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවල පැවැත්ම රට තුළ දැනට පවතින තත්ත්වය භයානක බවත්, විගණකාධිපතිවරයෙකු පත් කිරීමට අපොහොසත් වීම මෙන්ම ආණ්ඩුවට සම්බන්ධ පාර්ශ්වයන් විසින් නීතිපති දෙපාර්තමේන්තුව ඉලක්ක කර ගනිමින් සිදුකරන ප්‍රහාරයන් මගින් ප්‍රජාතන්ත්‍රවාදී ආයතන පද්ධතියම බිඳ වැටීමේ අවදානමක් පවතින බවත් කීර්ති තෙන්නකෝන් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
