Trending Newsඑසැන පුවත්දේශීය

කොළඹ නගර සභාවේ, කාරක සභාවල බහුතර බලය විපක්ෂයට

කොළඹ මහ නගර සභාවේ ප්‍රධානම කමිටුව වන මුදල් සහ ප්‍රපත්ති කාරක සභාවේ බලය පිහිටුවීමට සමගි ජනබලවේගය ප්‍රමුඛ ඒකාබද්ධ විපක්‍ෂය ඊයේ (14) සමත් විය.

කොළඹ මහ නගර සභා රැස්වීම් ශාලාවේදී ඊයේ (14) පැවැති මාසික මහ සභා රැස්වීමේදී ඒකාබද්ධ විපක්‍ෂය වැඩි ඡන්දයෙන් එම කාරක සභාවේ බලය පිහිටුවීය.

එහිදී පැවැති රහස් ඡන්දයේදී ඒකාබද්ධ විපක්‍ෂය ඉදිරිපත් කළ මන්ත්‍රිවරු පස්දෙනා ඡන්ද 60ක් හිමිකරගැනීමට සමත් වූහ. 

ඒ අනුව මුදල් කාරක සභාවේ සාමාජිකයන් 6 දෙනාගෙන් පස් දෙනෙක්ම තේරී පත්වූයේ විපක්‍ෂයේ මන්ත්‍රිවරුන්ගෙනි.

කොළඹ නගර සභාවේ පාලක පක්ෂය වන ජාතික ජනබලවේගය නියෝජය කරමින් නිල බලයෙන් නගරාධිපතිනී ව්‍රායි කැලී බල්තසාර් මුදල් කාරක සභාවේ සාමාජිකත්වය දරන්නීය.

ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන සමගි ජනබලවේගයේ මන්ත්‍රිවරු වන රෝයි බෝගහවත්ත, තරංග ශානක අතුරලිය සහ අනුර සුජීව වීරවර්ධන මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රි දයාකාන්ත පෙරේරා සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රි අර්ෂාඩ් නිශාම්ඩීන් යන අය මෙසේ වැඩි ඡන්දයෙන් මුදල් කමිටුවට පත්වූහ.

සමගි ජනබලවේගයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රි රෝයි බෝගහවත්ත පැවසුවේ මහ නගර සභා ආඥා පනතට අනුව ඕනෑම මහ නගර සභාවක සියලුම මුදල් ගණුදෙනු මුදල් කාරක සභාවේ අනුමත කර මහ සභාවට ඉදිරිපත් කළ යුතු බවත් ඒ අනුව නගර සභාවේ මුදල් පිළිබඳව පාලනය අති බහුතරයකින් ඒකාබද්ධ විපක්‍ෂයට ලැබුණු බවත්ය.

මෙහිදී ඡන්ද 60ක් ලැබීමෙන් කොළඹ මහ නගර සභාවේ බලය ඒකාබද්ධ විපක්‍ෂයට ඇතැයි ප්‍රදර්ශනය වූ බවද කොළඹ ජනතාවගෙන් ලැබුණු මෙම බලය ජනතාවගේ දියුණුව සහ සුබසිද්ධිය වෙනුවෙන්ම යොදාගන්නා බවද ඔහු වැඩිදුරටත් කීවේය.

මෙම බලය කොළඹ මහ නගර සභාවේ පාලනයේ කකුලෙන් අදින්න යොදාගැනීමේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව කී බෝගහවත්ත මහතා ජනතාව වෙනුවෙන් කරන සියලුම හොඳ දේවල්වලට සහයෝගය දෙන බව ද පැවසුවේය.

Related posts

ஐக்கிய மக்கள் சுதந்திரக் கூட்டமைப்பின் நிறைவேற்றுக்குழுக் கூட்டம் இன்று

Mohamed Dilsad

Boeing faces questions after Ethiopia crash

Mohamed Dilsad

வடக்கின் பிரபல த.தே.கூ உறுப்பினர் அநுரகுமாரவுக்கு வாழ்த்து

Mohamed Dilsad

Leave a Comment