Trending Newsඑසැන පුවත්දේශීය

දියුණු රටවල් තහනම් කළ අධ්‍යාපන ක්‍රමයක් හඳුන්වා දීමට වත්මන් ආණ්ඩුව උත්සාහ කරනවා…! – විජේදාස රාජපක්ෂ…

ආණ්ඩුව ගෙන ආ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල සැබවින්ම ප්‍රතිසංස්කරණයක් නොමැති බව ශ්‍රීලනිප ජ්‍යේෂ්ඨ උප සභාපති, හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසයි.

එහි විෂය නිර්දේශ තරමක් දුරට වෙනස් කර ඩිජිටල් මාදිලියෙන් ඉගැන්වීමට පමණක් යෝජනා කර ඇති බව ද එවැනි සිල්ලර වැඩවලට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යැයි නොකියන බව ද ඔහු පෙන්වා දෙයි.

ලංකාවේ පාලකයන් දරුවන්ට ස්මාර්ට් දුරකතන භාවිතයෙන් ඉගැන්වීම් කිරීමට යොමුවන විට එහි ප්‍රතිවිපාක අත්විඳින දියුණු යැයි සම්මත ඕස්ට්‍රේලියාව කැනඩාව වැනි රටවල් අවුරුදු 16ට වඩා අඩු දරුවන්ට දුරකතන ලබා නොදිය යුතු බවට නීති සම්පාදනය කරමින් ඇතැයි ද විජේදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

රටේ ජනතාවගෙන් 90%ක් පමණ මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට විරුද්ධ වන්නේ ආණ්ඩුවට විරුද්ධ නිසා නොව දරුවන් බේරා ගැනීමට බව ද හෙතෙම අවධාරණය කළේය.

ශ්‍රීලනිප මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් විජේදාස රාජපක්ෂ මේ බව කීවේය..

Related posts

Twelve new foreign Envoys present credentials to President

Mohamed Dilsad

ருஹுணு பல்கலைக்கழகத்தில் மோதல் ; மாணவர்கள் வைத்தியசாலையில்

Mohamed Dilsad

දුම්රිය ගාස්තු ඉහළ යන ලකුණු

Mohamed Dilsad

Leave a Comment