Trending Newsඑසැන පුවත්දේශීය

රටවල් 75ක පුරවැසියන්ට වීසා නිකුත් කිරීම ඇමෙරිකාවේ අත්හිටුවයි

රටවල් 75ක පුද්ගලයින් සඳහා වීසා නිකුත් කිරීම දින නියමයක් නොමැතිව කල්දැමීමට ඇමෙරිකාව තීරණය කර තිබේ.

ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සදහන් කර ඇත්තේ, ඇමෙරිකාවේ නව සංක්‍රමණික නීතිවලට අනුව මෙම තීරණය ගෙන ඇති බවය.

බ්‍රසිලය, ඉරානය, රුසියාව, සෝමාලියාව, ඇෆ්ගනිස්ථානය, ඊජිප්තුව, තායිලන්තය, යේමනය ඇතුළු රටවල් 75ක පුරවැසියන් සඳහා මෙම තහනම පැනවීමට තීරණය කර ඇති අතර සම්පූර්ණ රටවල් පිළිබඳ තොරතුරු මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැති බව විදෙස් මාධ්‍ය පවසයි.

ජනවාරි මස 21 වන දින සිට මෙම නව නීතිය ක්‍රියාත්මක වනු ඇති බව වාර්තා වේ.

Related posts

ටෙලි සිනමා ගම්මානයක් වසර 30ක ට බදු දීමට ඇත.

Editor O

உடுவே தம்மாலோக தேரர் விடுதலை

Mohamed Dilsad

ஹெரோயினுடன் “கடுவலை பபி” கைது…

Mohamed Dilsad

Leave a Comment