Trending Newsඑසැන පුවත්දේශීය

හය ශ්‍රේණියේ, ඉංග්‍රීසි භාෂාවට අදාළ මොඩියුලයක නුසුදුසු වෙබ් අඩවියක් ගැන සටහනක්

වර්තමාන ආණ්ඩුව හඳුන්වා දීමට සූදානම් වන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඔස්සේ හය වසරේ කුඩා දරුවන් අතර සමලිංගිකත්වය ප්‍රවර්ධනය කරමින් ඇතැයි ගුරු විදුහල්පති වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු උලපනේ සුමංගල හිමි චෝදනා කරයි. මාධ්‍ය හමුවක් අමතමින් ස්වාමීන් වහන්සේ ඒබව ප්‍රකාශ කළහ.

“හය වසර දෙවෙනි මොඩියුල් එකේ ebuddy නම් යහළුවන් හඳුනා ගැනීමේ මොඩියුල් එක තියෙනවා. එම මොඩියුලය අවසානයේ යහළුවන් හඳුනා ගන්න සයිට් එකක් දීලා තියෙනවා. ඒකේ නම buddy. ඔබ මේ වෙබ් අඩවිය පරික්ෂා කරලා බලන්න. මේක සමලිංගික සබඳතා පිළිබඳ සවිස්තරාත්මක වෙබ් අඩවියක්. හය වසරේ දරුවන්ගේ මොඩියුල් එකේ මේක ඇතුළු කරලා තියෙන්නේ.

කවුරුත් මේක කතා කරන්නේ නෑ. රටේ සියලුම දරුවන්ට මේ අත්දැකීම් ලබාදෙන්න මේ යන්නේ. ඒකතමයි සභානායක කිව්වේ 16 පැන්නම කොහේද යන්න ඕන. සෙක්ස් කරන්න පුළුවන්. පන්දාහක් අතට දෙන්න පුළුවන්. දැන් ඒකෙන් සැනසීමට පත්වෙලා නැතිව හය වසරේ දරුවාට buddy.net යන්න කියනවා. මහානායක හාමුදුරුවෝ ඇතුළු සියලු දෙනා buddy.net එකට ගිහින් බලන්න. ජනාධිපතිතුමාට මේක දාලා දෙන්න. “ යැයි ස්වාමීන්වහන්සේ ප්‍රකාශ කළහ.

_________________________________

මේ අතර, 6 ශ්‍රේණිය ඉංග්‍රීසි භාෂාවට අදාළ මොඩියුලයක යම් නුසුදුසු වෙබ් අඩවියක නාමය ලෙස දැක්වෙන හැඳින්වීමක් කර ඇති බවට ලද පැමිණිල්ලක් මත ඒ පිළිබඳව සොයා බැලූ අතර එම පැමිණිල්ල නිවැරදි බවට තහවුරු වී ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

ජාතික අධ්‍යාපන ආයතනය විසින් පිළියෙළ කළ 6 ශ්‍රේණිය ඉංග්‍රීසි භාෂාවට අදාළ මොඩියුලය මේ වන විට මුද්‍රණය අවසන් කර ඇත.

එබැවින් එම මොඩියුලය බෙදාහැරීම අත්හිටවනු ඇති අතර ඒ සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි පරීක්ෂණයක් ද ආරම්භ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. 

ඒ පිළිබඳව හෙට දිනයේදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත ද පැමිණිලික්ද සිදුකිරීමට අපේක්ෂිත බව අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

Peru’s former President kills himself

Mohamed Dilsad

பாகிஸ்தானில் நிலநடுக்கம்

Mohamed Dilsad

GSP+ approved by EU Trade, Foreign Ministers

Mohamed Dilsad

Leave a Comment