Trending Newsඑසැන පුවත්දේශීය

ගිනි අවි බලපත්‍ර අලුත් කිරීමට සහන කාලයක්

ගිනිඅවි සඳහා බලපත්‍ර හිමි පුද්ගලයින් හා ආයතන 2026 වර්ෂය වෙනුවෙන් බලපත්‍ර අලුත් කිරීමේ කාලය ජනවාරි 31 දක්වා මසකින් දීර්ඝ කර ඇති බව ආරක්ෂක අමාත්‍යංශය ප්‍රකාශ කරයි. .

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ 2025 සැප්තැම්බර් මස 01 වනදා සිට දෙසැම්බර් මස 31 වනදා දක්වා කාලය දක්වා පමණක් බලපත්‍ර අලුත් කිරීම සිදුකරන බවට පෙර දැනුම් දී තිබූ බවය.

ඒ අනුව, ලබන වසරේ ජනවාරි 31 වන දිනෙන් පසුව බලපත්‍ර රහිතව ගිනි අවියක් ළඟ තබා ගැනීම තුවක්කු ආඥා පනතේ  22 වන වගන්තියේ විධිවිධාන අනුව දඬුවම් ලැබිය හැකි වරදක් බව සඳහන්ය.

2026 / 2027 වර්ෂ සඳහා පෞද්ගලික ආරක්ෂක නියෝජිත ආයතන ලියාපදිංචිය අලුත් කිරිමද රටතුළ පැවති ආපදා තත්ත්වය හේතුවෙන් ජනවාරි 31 වනදා දක්වා දීර්ඝ කර ඇත..

පසුව සිදුකරන අලුත් කිරීම් සඳහා ප්‍රමාද ගාස්තු මෙන්ම නීතිමය ක්‍රියා මාර්ග ගැනීමට පියවර ගන්නා බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

Related posts

Jolie in negotiations for Marvel’s ‘The Eternals’

Mohamed Dilsad

உர நிவாரணம் தொடர்பில் புதிய கொள்கை

Mohamed Dilsad

මැතිවරණයට සියල්ල සූදානම් – කාඩ් බෝඩ් ඡන්ද පෙට්ටිත් ලෑස්තියි – ඡන්ද පොළ රාජකාරී සඳහා පත්වීම් ලිපිත් නිකුත් කරයි.

Editor O

Leave a Comment