Trending Newsඑසැන පුවත්දේශීය

මැතිවරණයට සියල්ල සූදානම් – කාඩ් බෝඩ් ඡන්ද පෙට්ටිත් ලෑස්තියි – ඡන්ද පොළ රාජකාරී සඳහා පත්වීම් ලිපිත් නිකුත් කරයි.

මෙවර ජනාධිපතිවරණයේ දී ඡන්ද පෙට්ටි ලෙස යොදා ගැනීමට නියමිත කාඩ්බෝඩ් පෙට්ටි මේ වන විට දිවයිනේ සියලු තේරීම්භාර නිලධාරීන් වෙත යවා අවසන් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ඒ අනුව තේරීම්භාර නිලධාරීන් විසින් අදාළ ඡන්ද පෙට්ටි එළඹෙන 20වැනිදා ඡන්ද මධ්‍යස්ථාන සදහා නිකුත් කරනු ඇත.

ඡන්ද පත්‍රිකාව ප්‍රමාණයෙන් විශාල වීම හේතුවෙන් මෙවර ලී පෙට්ටි වෙනුවට කාඩ්බෝඩ් පෙට්ටි භාවිත කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කළේය. ඒ අනුව ප්‍රමාණ 3කින් කාඩ්බෝඩ් පෙට්ටි නිර්මාණය කර ඇති බව එම කොමිෂන් සභාව සඳහන් කළේය.

මේ අතර ඡන්ද විමසීමට අදාළ සියලු කටයුතු මේ වන විට අවසන් කර ඇති බවත් රාජ්‍ය නිලධාරීන්ට පත්වීම් ලිපි සහ අදාළ උපදෙස් නිකුත් කර ඇති බවත් මැතිවරණ කොමිෂන් සභාව පවසයි. මැතිවරණ රාජකාරී කටයුතු සඳහා සහභාගී වන නිලධාරීන් ඒ සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කර ගන්නා ලෙසත් නියමිත දිනයේ දී රාජකාරී කටයුතු සිදුකරන ස්ථාන වෙත ගමන් කරන ලෙසත් මැතිවරණ කොමිෂන් සභාව දැනුම්දෙයි.

Related posts

Ideas of intellectuals obtained to enrich and nurish the draft of National Sustainability Discourse

Mohamed Dilsad

Key North Korea Official meets Pompeo in New York

Mohamed Dilsad

තැපැල් ඡන්ද අයදුම් කිරීමේ කාලය අද මැදියම් රැයෙන් අවසන් නොවේ [UPDATE]

Mohamed Dilsad

Leave a Comment