Trending Newsඑසැන පුවත්දේශීය

මැතිවරණ දිනයේ නීති විරෝධී ක්‍රියා වාර්තා කරන්න විශේෂ දුරකථන අංක

මැතිවරණ කොමිෂන් සභාවේ මැතිවරණ ආරවුල් නිරාකරණ ඒකකයේ විශේෂ දුරකථන අංක හඳුන්වා දී තිබේ. එළැඹෙන 21 දින ජනාධිපතිවරණයට අදාළ ඡන්ද විමසීම නිදහස් හා සාධාරණ ලෙස පැවැත්වීමට සහ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සහ ඡන්ද විමසීම් සිදුවන අවස්ථාවේදී අනීතික ක්‍රියා පිළිබඳ වාර්තා කිරීම සඳහා මෙම දුරකථන අංක හඳුන්වා දෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

ඒ අනුව රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලයේ ස්ථාපිත කර ඇති ජාතික මැතිවරණ ආරවුල් නිරාකරණ ඒකකය වෙත අදාළ සිදුවීම් නොපමාව වාර්තා කරන ලෙසත් කොමිසම ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

Related posts

Saudi air defenses foil new Houthi missile attack on Riyadh

Mohamed Dilsad

Cabinet defers ban on white asbestos

Mohamed Dilsad

පාස්කු ඉරිදා අදයි

Mohamed Dilsad

Leave a Comment