Trending Newsඑසැන පුවත්දේශීය

රට පුරා වෛද්‍යවරු හෙට (18) වැඩවර්ජනයක

රට පුරා සියලු රෝහල්වල රෝහල්වල වෛද්‍යවරු 18 වෙනිදා වැඩ වර්ජනයක් දියත් කරන බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. මෙම වෛද්‍ය වැඩවර්ජනය පෙරවරු 8.00 ට ආරම්භ කිරීමට නියමිත බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය කියයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් සහ ඌව පළාත් සම්බන්ධීකාරක වෛද්‍ය පාලිත රාජපක්ෂ සම්බන්ධයෙන් විධිමත් පැමිණිල්ලකින් තොරව ගෙන ඇති විනය පරීක්ෂණයට එරෙහිව මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බවද වෛද්‍ය සංගමය සඳහන් කරයි.

මේ සිද්ධිය සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යංශයට ප්‍රතිව්‍යහුගත කිරීම සඳහා දින 14ක කාලයක් ලබාදීමට කටයුතු කරනා බවත් එම කාලය ඇතුළත මේ සඳහා සාධනීය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකරන්නේ නම් මේ මස අවසානයේදී මධ්‍යම කාරක සභාව රැස්වීමෙන් පසු ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය දැනුම් දෙයි.

Related posts

மட்டக்களப்பில் கரையொதுங்கியவை பாம்புகள் அல்ல

Mohamed Dilsad

ஜனாதிபதி நாளை ஆசிய கலந்துரையாடல்கள், நம்பிக்கையை கட்டியெழுப்பும் மாநாட்டில் விசேட உரை

Mohamed Dilsad

එජාපයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළි දැක්වීම අද

Mohamed Dilsad

Leave a Comment