දේශීය

පාස්කු සැකකරු රදවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

(UTV | කොළඹ ) – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (04) පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පුත්තලම – කල්පිටිය ප්‍රදේශයේදී පෙරේදා අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ – 15 ප්‍රදේශයේ පවත්වාගෙන ගිය කාර්යාලයකට මුද්‍රා තැබීමට පියවර ගත්තේය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න සඳහන් කළේ එම කාර්යාලයේ තිබී සැකකරු කටයුතු කළ රාජ්‍ය නොවන සංවිධානයට මුදල් ලැබුණු චෙක්පත් කිහිපයක් සහ තවත් ලිපි ලේඛන රැසක් සොයා ගැනීමට හැකි වූ බවයි.

තවද අදාළ රාජ්‍ය නොවන සංවිධානයේ මූලස්ථානය ලෙස පුත්තලම ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගොඩනැගිල්ලකට ද සීල් තැබීමට පොලීසිය පියවර ගෙන තිබේ.

මෙහි විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරගෙන යනු ලැබූ අතර එය තවදුරටත් කඩිනම් කිරීම සඳහා ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට භාර දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

ලංකා සතොසට සහ සතොසට නව නිලධාරීන් පත් කෙරේ

Mohamed Dilsad

ජනපතිගේ සර්ව පාක්ෂික සමුළුව ගැන සජබය සහ ජවිපෙ ගත් තීරණය

Mohamed Dilsad

දකුණු පළාත් ආණ්ඩුකාරවරයාගෙන් දකුණේ විදුහල්පතිවරුන් සහ ගුරුවරුන්ට රතු එළියක්.

Editor O

Leave a Comment