දේශීය

විදුලි බිල ගෙවන ආකාරය සම්බන්ධයෙන් ඇමතිගෙන් ප්‍රකාශයක්

(UTV | කොවිඩ් 19) – කොරෝනා වසංගතය හමුවේ විදුලි බිල් ගෙවීමට නොහැකි වීම හේතුවෙන් පාරිභෝගික ජනතාවගෙන් අමතර ගාස්තුවක් අය නොකරන බව විශය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටින්නේ දැනට ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල ජනතාවට විදුලි බිල්පත් නිකුත් කිරිමට හැකියාවක් නොමැති බවත් එලෙස විදුලි බිල්පත් ලැබුණද ඔවුන්ට එය ගෙවීමට හැකියාවක් නොමැති බවත්ය. ඒ අනුව වැය කර ඇති ඒකක ප්‍රමාණයට පමණක් ගාස්තු අයකරන ලෙසද අමතර කිසිදු ගාස්තුවක් එකතු නොකරන ලෙස ද, කිසිසේත් විදුලිය විසන්ධි කිරිම සඳහා රතු බිල් නිකුත් නොකරන ලෙසද අමාත්‍යවරයා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.

ඇඳිරි නිතිය ඉවත් කර ඇති ප්‍රදේශවල ජනතාවට විදුලි බිල්පත් නිකුත් කළද එම මුදල් කොටස් වශයෙන් ගෙවීමට පියවර ගන්නා ලෙසද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන්කර සිටී.

Related posts

ඉලංකෙයි තමිල් අරුසු කච්චි කිලිනොච්චිය ශාකාව ජනාධිපතිවරණයට අදාළව ගත් තීරණය

Editor O

සියලු දහම් පාසල්වලටත් නිවාඩු

Mohamed Dilsad

කොළඹ මහල් නිවාසවල සංචරණය වහා නවත්වන්න

Mohamed Dilsad

Leave a Comment