දේශීය

කොළඹ බන්ධනාගාර නිලධාරීන් වෙත දැනුම් දීමක්

(UTV |කොළඹ) – කොළඹ බන්ධනාගාර නිලධාරීන්ට සති දෙකක කාලයක් සිය නිල නිවාසවල රැඳි සිටින ලෙස බන්ධනාගාර දෙපාර්තමේන්තුව දැනුම් දීමක් කරයි.

මේ අනුව වැලිකඩ, කොළඹ රීමාන්ඩ් සහ මැගසින් බන්ධනාගාරවල කිසිදු නිලධාරියෙකුට බන්ධනාගාරයෙන් පිටතට යාමට අවස්ථාව හිමි නොවේ.

බන්ධනාගාර ආශ්‍රයෙන් කොරෝනා ආසාදිතයින් 159 දෙනෙකු මේ වන විට හඳුනාගෙන ඇති අතර මින් ඉදිරියට වාර්තා වන කොරෝනා ආසාදිත රැඳවියන් කන්දකාඩු හෝ ගල්ලෑල්ල ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමුකිරීමට පියවර ගෙන තිබේ.

 

Related posts

ක්‍රියාකාරී දේශපාලනයට හිත හොඳ නිර්දෝශී මිනිසුන් අවශ්‍යයයි – රංජන් රාමනායක

Editor O

තරුෂිගෙන් නව ආසියානු සහ ජාතික වාර්තාවක්

Mohamed Dilsad

ළමයි අතර මී උණ රෝගය ඉහළ යෑමේ අවධානමක්

Editor O

Leave a Comment