දේශීය

බස්නාහිරින් පිටවන අය සොයන්න බුද්ධි අංශ සහය

(UTV |කොළඹ) – නිරෝධායන නීති උල්ලංගනය කරමින් බස්නාහිර පළාතෙන් පිටව යන පුද්ගලයන් සෙවීම සඳහා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

මේ සඳහා පොලිස් බුද්ධි අංශ යොදවා එම මෙහෙයුම් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

ඒ අනුව යම් පුද්ගලයෙකු නිරෝධායන කාලසීමාව තුළ බස්නාහිර පළාතෙන් පිටව ගොස් ඇත්නම් ඔහු සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.

කොවිඩ් ව්‍යාප්තියේ අවදානම හේතුවෙන් පසුගිය 11 වන දින සිට ලබන 15 වන ඉරිදා මධ්‍යම රාත්‍රී දක්වා බස්නාහිර පළාතෙන් පිටව යාම තහනම් කර තිබේ.

මේ අතර  බස්නාහිර පළාතේ පළමු පෙළ, දෙවන පෙළ සහ තුන්වන පෙළ වශයෙන් නිරෝධායනයට ලක් කර ඇති නිවාස සංඛ්‍යාව 17,708 ක් බව පොලීසිය පවසයි.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් කියා සිටියේ අදාළ පුද්ගලයින් නිරෝධායන නීතිරීතිවලට අනුකූලව කටයුතු කරන්නේද යන්න පිළිබඳව සොයාබැලීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් ද අදාළ ප්‍රදේශ ආශ්‍රිතව යොදවා ඇති බවයි.

Related posts

වසන්ත කරන්නාගොඩ ජනපති කොමිසම හමුවට

Mohamed Dilsad

ඇඳිරි නිතිය පනවා ඇති ප්‍රදේශවල වෙළෙඳසැල් සහ ඖෂධහල් හෙට විවෘතයි

Mohamed Dilsad

තවත් කොරෝනා ආසාදිතයන් සිව්දෙනෙකු සොයාගැනේ [UPDATE]

Mohamed Dilsad

Leave a Comment