Trending Newsඑසැන පුවත්දේශීය

ක්‍රියාකාරී දේශපාලනයට හිත හොඳ නිර්දෝශී මිනිසුන් අවශ්‍යයයි – රංජන් රාමනායක

ක්‍රියාකාරී දේශපාලනයට ‘හිත හොඳ’ මිනිසුන් පැමිණීමේ බිය ඉතිහාසයේ සිට පවතින බව එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයේ නායක රංජන් රාමනායක මහතා පවසනවා. කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ (2^) පැවති” එම පක්ෂයේ මංගල මහා සමුළුවේදී අදහස් දක්වමින් ඒ මහතා එසේ පැවසීය.

විශිෂ්ඨ කලාකරුවෙකු වන දිවංගත විජය කුමාරතුංග මහතා පිළිබඳ එහිදී සිහිපත් කළ රංජන් රාමනායක මහතා පෙන්වා දුන්නේ කුමාරතුංග මහතාගේ දේශපාලන ආගමනය නැවැත්වීමට අතීතයේ විවිධ කුමන්ත්‍රණ ක්‍රියාත්මක වු බවයි. එවැනි කුමන්ත්‍රණ වර්තමානයේදී ක්‍රියාත්මක වන බවත්, කලාකරුවන් දේශපාලනයට පිවිසීමට බිය නොවිය යුතු කරුණක් බවත් රංජන් රාමනායක මහතා සඳහන් කළේය.

“විජය කුමාරතුංග කියන කලාකරුවා දේශපාලනයට එනකොට අපේ රටේ විධායක ජනාධිපතිවරයා පවා බයවුණා.. එක දිගට ඔහුට කෙනෙහිලිකම් කළා. ක්‍රියාකාරි දේශපාලනයට හිත හොඳ කලාකරුවන් එනවට ඒ කාලේත් බයක් තිබුණා.. ඇයි මෙච්චර බය.. අපි දේශපාලනයට සුදුසු නැහැල්ලු.. මං අහන්නම් මොකක්ද මගේ තියන නුසුදුසුකම.. හොරකම් කරලා තියනවද? මිනී මරලා තියනවද?.. මංකොල්ල කාලා තියනවද? කප්පම් අරගෙන තියනවද? කුඩු විකුණලා තියනව ද? එතනොල් ගෙනල්ලා තියනවද? අපි හැමදාම තිත්ත ඇත්ත කතා කරා පාර්ලිමේන්තුවේ දී..”

එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයේ මංගල මහා සමුළුව සඳහා පාක්ෂිකයන් 12,000 ක් පමණ සහභාගී වූහ.

Related posts

From ‘Captain Marvel,’ to ‘Shazam’, here are music composers uniting for Comic-Con Panel

Mohamed Dilsad

President launches ‘Parisaraya Pujaniyai’ program

Mohamed Dilsad

வதந்திகளை பரப்புவோர் தொடர்பில் பதில் பொலிஸ்மா அதிபரிடம் கோரிக்கை – மங்கள

Mohamed Dilsad

Leave a Comment