දේශීය

හිනිදුම පොලිසියේ නිලධාරීන් 16ක් නිරෝධායනයට

(UTV |ගාල්ල) – හිනිදුම පොලිසිය අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

මේ හේතුවෙන් හිනිදුම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඇතුලු 16 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමුකර ඇත.

එමෙන්ම අදාළ පොලිස් නිලධාරීන්ගේ PCR පරීක්ෂණ අද දිනයේ සිදුකිරීමටද නියමිත බව වාර්තා වේ.

හිනිදුම පොලිසිය අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා උඩුගම අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු බූස්ස බන්ධනාගාරය වෙත යොමු කර තිබේ.

එහිදී මොවුන් කොරෝනා ආසාදිතයන් ලෙස හදුනා ගැනුණි.

ස්වයං නිරෝධායනයට ලක්වන පිරිස හැර අනෙකුත් නිලධාරීන් යොදවා පොලිස් ස්ථානයේ කටයුතු තවදුරටත් සිදුකරමින් පවතින බවටයි වාර්තා වේ.

Related posts

තුන්වන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත

Mohamed Dilsad

ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය අදයි

Editor O

නිරෝධායන රීති උල්ලංගනය කළ 277ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment