දේශීය

ගාල්ලේ කඩසාප්පු පෙළක ගින්නක්

(UTV |  ගාල්ල) – ගාල්ල පොලීසියට ගාල්ල නග‍රයේ ඇති කඩ සාප්පු පෙළක ගින්නක් ඇති වී ඇති බවට පැමිණිල්ලක් ලැබී තිබේ.

ඒ අනුව ඊයේ (04) රාත්‍රී 9 ට පමණ ගාල්ල පොලීසිය, ගාල්ල නගර සභා ගිනි නිවීමේ ඒකකය හා ප්‍රදේශවාසීන් එක්ව ගින්න නිමා දමා තිබේ.

පොලීසිය පවසන ආකාරයට ගින්න හේතුවෙන් කඩ සාප්පු 8 ක් ගිනි ගෙන ඇති අතර ගින්න හේතුවෙන් ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැත.

සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල අපරාධ ස්ථාන පරීක්ෂක නිලධාරීන් හා ගාල්ල පොලීසිය එක්ව වැඩිදුර විමර්ශන සිදු කරයි.

Related posts

අප්‍රේල් 21 වැනි පාර්ලිමේන්තුවේ සිද්ධීන් පිළිබඳ සෙවූ කමිටුවේ වාර්තාව කථානායකට

Mohamed Dilsad

හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙක් රිමාන්ඩ්

Editor O

නිරෝධායන නීති උල්ලංගණය කළ තවත් 39ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment