දේශීය

බැඳුම්කර සිද්ධියට අදාළ නියෝගයකට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීරණයක්

පළමු මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් පනවා තිබූ නඩුවේ පොදු දේපොළ පනත යටතට ගැනෙන චෝදනාවලින් හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් දස දෙනෙකු නිදොස් කොට නිදහස් කරමින් කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය මගින් ලබාදී තිබූ නියෝගය ශ්‍රේෂ්ඨාධිකරණය අත්හිටුවා තිබේ.

 

නීතිපතිවරයා විසින් ගොනු කර තිබූ අභියාචනයක් කැඳවූ අවස්ථාවේ ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතා කළ කරුණු දැක්වීම සලකා බැලූ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල එම නියෝගය ලබාදී ඇති බව ‘අද දෙරණ’ අධිකරණ වාර්තාකරු පැවසුවේය.

 

එමෙන්ම කොළඹ විශේෂ මහාධිකරණය හමුවේ පවතින අදාළ නඩුවේ සෙසු චෝදනා විභාග කිරීම වළක්වාලමින් ද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ.

 

2015 වසරේ පෙබරවාරි මස 27 වැනි දින පැවති මහ බැංකු බැඳුම්කර වෙන්දේසියක දී රජයට අයත් රුපියල් මිලියන 688ක් සාවද්‍ය පරිහරණය කිරීම, ඒ සඳහා ආධාර අනුබල දීම ඇතුළු චෝදනා 23ක් යටතේ නීතිපතිවරයා විසින් හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් දස දෙනෙකුට එරෙහිව එම නඩුව පවරා තිබුණි.

Related posts

එන්නත් මාත්‍රා තේරීමකට කාලය නැහැ – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

Mohamed Dilsad

නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න නිවා දැමේ

Mohamed Dilsad

වෛද්‍යවරයෙකු වීමට අවශ්‍ය අවම සුදුසුකම් මෙන්න

Mohamed Dilsad

Leave a Comment