දේශීය

විනිසුරුවරුන්ගේ බදු පිළිබඳව පෙත්සම් ගැන අධිකරණය දුන් නියෝගය

විනිසුරුවරුන්ගේ වැටුප්වලින් උපයන විට ගෙවීමේ බද්ද අය කිරීමට ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ පෙත්සම් තුනක් අභියාචනාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඬුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ එකඟත්වයෙන් නිෂ්ප්‍රභ කර තිබේ.

 

ශ්‍රී ලංකා මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමය, ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය සහ කම්කරු විනිශ්ච සභා සභාපතිවරුන්ගේ සංගමය විසින් අදාළ පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

 

අධිකරණ නිලධාරීන් ස්වාධීන රාජකාරියක් ඉටු කරන පිරිසක් බැවින් දේශීය ආදායම් පනත ප්‍රකාරව ඔවුන්ගේ වැටුප්වලින් බදු අය කිරීමට හැකියාවක් නොමැති බව පෙත්සම්වලින් සඳහන් කර තිබුණි.

 

ඒ අනුව එම පෙත්සම් අභියාචනාධිකරණය සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, සෝභිත රාජකරුණා, මේනකා විජේසුන්දර, ඩී.එන්.සමරකෝන් සහ නීල් ඉද්දවෙල යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත පංච පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ විභාග කර තිබේ.

 

එහි දී සෝභිත රාජකරුණා, මේනකා විජේසුන්දර මෙන්ම නීල් ඉද්දවෙල යන පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන් තීන්දු කර ඇත්තේ, අදාළ පෙත්සම් නිෂ්ප්‍රභ කළ යුතු බවය.

 

මෙම කරුණු සම්බන්ධයෙන් තීන්දුවක් දීමට අධිකරණය මැදිහත් වීම යුක්ති සහගත මෙන්ම සදාචාරාත්මක නොවන බව ද එම විනිසුරුවරුන් සිය තීන්දුවේ සඳහන් කර තිබේ.

 

බදු සම්බන්ධයෙන් තීන්දු ගැනීම ව්‍යවස්ථාදායකය සහ විධායකය කටයුත්තක් වන අතර, ඊට අධිකරණය මැදිහත් නොවිය යුතු බව බහුතර විනිසුරුව

Related posts

හැඳුනුම්පත නැති අයට ඡන්දය දෙන්න තාවකාලික හැඳුනුම්පත්

Editor O

වන්නි ගුවන් හමුදා කඳවුරෙන් නිරෝධායනය නිමවා තවත් 164 ක් පිටවෙයි

Mohamed Dilsad

බස් අනතුරකින් තිදෙනෙක් ජීවිතක්ෂයට : 34 දෙනෙක්ට තුවාල

Editor O

Leave a Comment