ක්‍රීඩාදේශීය

ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා අතුරු කමිටුවක්

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට ලැබී ඇති බලතල අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා අතුරු කමිටුවක් පත්කර තිබේ.

 

අමාත්‍යවරයා විසින් 7 දෙනෙකුගෙන් සමන්විත එම කමිටුව පත්කර ඇත.

 

එහි සභාපති ලෙස හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා කටයුතු කරයි.

 

ඒ සමගම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වර්තමාන පරිපාලනයේ කටයුතු අත්හිටුවා ඇත.

 

එයට අදාළ ගැසට් නිවේදනය අද (06) දිනයේ නිකුත් කිරීමට නියමිත බව ද වාර්තා වේ.

 

අද දින පත්කළ නව අතුරු කමිටුව ඉන් අනතුරුව අදාළ ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.

Related posts

මෙරටින් හඳුනාගත් වැඩිම අසාදිතයින් ගණන ඊයේ දිනයේදී

Mohamed Dilsad

විපක්ෂ නායකවරයා සහ බිරිඳ රෝහලෙන් නික්මෙයි

Mohamed Dilsad

සමගි ජන බලවේගයේ ඉහළ තනතුරුවල වෙනසක්

Editor O

Leave a Comment