Trending Newsඑසැන පුවත්දේශීය

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාගේ වැඩ තහනම් කරයි…!

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාගේ රාජකාරී වැඩ තහනම් කිරීමට පියවර ගෙන ඇත.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලිපි ශීර්ෂය යටතේ ඊට අදාළ ලිපිය නිකුත් කර ඇත.

එහි දැක්වෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් සිදුකරන ලද මූලික විමර්ශනයන්ට අනුව ඒ මහතා වගකිවයුතු තනතුරක් දරණ රජයේ වෛද්‍ය නිලධාරියෙකු වශයෙන් විවිධ මාධ්‍ය ඔස්සේ රට තුළ ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති වන ආකාරයෙන් සහ මහජනතාව තුළ නොසන්සුන්තාවයක් ඇති වන ආකාරයෙන් කටයුතු කරමින් අනුමැතියකින් තොරව ජනමාධ්‍ය වෙත ප්‍රකාශ සිදුකර ඇති බවය.

මේ සම්බන්ධයෙන් විදිමත් විනය ක්‍රියාමාර්ගයන් ඉදිරියේදී ගනු ලබන බවද අදාළ ලිපියේ දැක්වෙයි.

Related posts

New State and Deputy Ministers sworn in before President

Mohamed Dilsad

දුම්රිය ගාස්තු ඉහළ යන ලකුණු

Mohamed Dilsad

පාර්ලිමේන්තු අපේක්ෂකයින් 6,376ක් ආදායම් වියදම් වාර්තා ලබාදී නැහැ.

Editor O

Leave a Comment