Trending Newsඑසැන පුවත්දේශීය

පීඩාවට පත් ජනතාවට සහන සලසන්න, විපක්ෂ නායක සජිත් පෙු්මදාස මහතා, ලෝක බැංකු නියෝජිතයින් සමග විශේෂ සාකච්ඡාවක

දිට්වා සුළි කුණාටුව සහ ඉන් පසුව ඇති වූ ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ කටයුතු සඳහා, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා නියෝජිත පිරිසක් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ සාකච්ඡාවක් කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී ඊයේ (02) පැවැත්වින.

ආපදා තත්ත්වයෙන් විනාස වූ යටිතල පහසුකම් සහ ජනතාවගේ නිවාස ප්‍රතිශ්ඨාපනය කිරීම, බිඳවැටී ඇති ජන ජීවිත යථා තත්ත්වයට පත් කිරීමට අදාළ පහසුකම් සපයා, ජනතාව නැවත සවිබල ගැන්වීමටත් ආධාර උපකාර සිදු කරන ලෙස ලෝක බැංකු නියෝජිතයන්ගෙන් , විපක්ෂ නායක සජිත් පෙු්මදාස මහතා ඉල්ලා සිටියේය.

ලෝක බැංකුවේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා දේශීය කළමනාකරු වන Gevorg Sargsyan සහ ලෝක බැංකුවේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් නිලධාරී අසේල දිසානායක මහතා ද සාකච්ඡාව ට සහභාගි වූහ.

. .

Related posts

නීතිඥවරයෙකුට පහරදීම ගැන නීතීඥ සංගමයෙන් නිවේදනයක්

Editor O

ගාලුමුවදොර උපවාසයේ නිරතව සිටි හිමිනම කොළඹ ජාතික රෝහලට

Mohamed Dilsad

வரட்சி காரணமாக ஐந்து இலட்சம் குடும்பங்கள் பாதிப்பு

Mohamed Dilsad

Leave a Comment