දේශීය

ගම්පහ, කළුතර සහ යාපනයේ ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කෙරේ

(UTV | කොළඹ) – දිස්ත්‍රික්ක 03 කට අයත් තවත් ග්‍රාම නිලධාරී වසම් 13 ක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කළ බව පොලිසිය පවසයි.   

ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ කෙරවලපිටිය, වත්තල, හේකිත්ත, පල්ලියවත්ත උතුර, කෙරන්පොකුන, ගල්උඩපිට, මත්තුමගල මෙලෙස හුදෙකලා කෙරුණු ප්‍රදේශ අතරට අයත්.

කළුතර දිස්ත්‍රික්කයේ කළුතර උතුර පොලිස් වසමේ විද්‍යාසේකර ග්‍රාම නිලධාරී වසමේ බෝසිරිපුර, මහවස්කඩුව උතුර, කළුතර දකුණ පොලිස් වසමේ නාගොඩ දකුණ ග්‍රාම

නිලධාරී වසමේ විජිත මාවත යන ප්‍රදේශද මෙලෙස හුදෙකලා කර ඇති බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ.

යාපනය දිස්ත්‍රික්කයේ කොඩිකාමම් උතුර සහ මධ්‍යම යන ප්‍රදේශද හුදෙකලා කෙරුණු ප්‍රදේශ අතරට අයත්.

යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කලේ කොළඹ දිස්ත්‍රික්කයේ පිළියන්දල පොලිස් බල ප්‍රදේශයේ නිවන්තිඩිය ග්‍රාම නිලධාරි වසම මාම්පේ නැගෙනහිර ග්‍රාම නිලධාරි වසම සහ මහරගම පොලිස් බල ප්‍රදේශයේ ඇරැව්වල බටහිර ග්‍රාම නිලධාරි වසම මෙලෙස හුදෙකලා කල බවයි.

එමෙන්ම ගාල්ල දිස්ත්‍රික්කයේ හබරාදුව පොලිස් බල ප්‍රදේශයේ කොග්ගල 1 ග්‍රාම නිලධාරි වසම , කොග්ගල 2 ග්‍රාම නිලධාරි වසම , මීගහගොඩ ග්‍රාම නිලධාරි වසම, මාලියගොඩ ග්‍රාම නිලධාරි වසම සහ පියදිගම බටහිර ග්‍රාම නිලධාරි වසම ද අද අලුයම 05 සිට හුදෙකලා කර ඇත.

Related posts

ඖෂධ ආනයනය ගැන පෙත්සමකට අධිකරණ නියෝගයක්

Mohamed Dilsad

ඊයේ දිනයේදී මෙරට තුළ පීසීආර් පරීක්ෂණ 3,044 ක්

Mohamed Dilsad

ලෝක කුසලානය කාටදැයි මුරලි කියයි

Mohamed Dilsad

Leave a Comment