Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපති ලේකම්ගේ නිල රථය යතුරුපැදියක ගැටෙයි.

ජනාධිපති ලේකම් සනත් කුමානායක මහතාගේ නිල රථය අනතුරකට ලක්ව තිබේ.

පැලවත්ත අකුරේගොඩ මාර්ගයේ ගුවන් හමුදා කඳවර ආසන්‍නයේදී. 02වෙනිදා රාත්‍රී නවයට පමණ මෙම අනතුර සිදුව ඇතැයි සඳහන්.

පැලවත්තේ සිට අකුරේගොඩ දක්වා ගමන් කළ මෙම සුඛෝපභෝගී මෝටර් රථය ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණී යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව ඇත.

එම අවස්ථාවේ යතුරු පැදියේ එකම පවුලේ මව පියා සහ අවුරුදු දෙක සහ හය යන වයස්වල පසුව දරුවන් දෙදෙනෙකු ඇතුළු සිව් දෙනෙක් ගමන් කර ඇත.

අනතුරින් ඔවුන් සිව් දෙනාම තුවාල කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මව සහ කුඩා දරුවන් දෙදෙනා වැඩදුර ප්‍රතිකාර සඳහා රිජ්වේ ආර්යයා ළමාරෝහලට මාරු කර යවා ඇත.

අනතුරට ලක්වූ මෝටර් රථය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ නිල රථය බව පොලිසිය සඳහන් කරයි..

එම අවස්ථාවේ නිල මෝටර් රථයේ ජනාධිපති ලේකම්වරයාගේ බිරිඳ සහ රියදුරු සිට ඇති අතර රියදුරු පොලිස් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව කඩුවෙල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු ඇප මත මුදාහර ඇත.

යතුරු පැදීයේ ගමන්ගත් පවුල සඳහා රුපියල් 35,000ක වන්දි මුදලක් ගෙවීමටද අධිකරණය මගින් රියදුරුට නියෝග කර තිබේ

Related posts

කලාප 8කට පැය 06ක විදුලි කප්පාදුවක්

Mohamed Dilsad

වරාය නගරයේ වරාය මංතීරුව අද සිට ජනතාවට

Mohamed Dilsad

More than 40 dead in Delhi factory fire [UPDATE]

Mohamed Dilsad

Leave a Comment