Trending Newsඑසැන පුවත්දේශීය

වත්කම්-බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකරන රාජ්‍ය සේවකයන්ට කරන්න යන දේ

වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමේදී නියමිත කාල සීමාවන් සහ නීතිමය ප්‍රතිපාදන දැඩිව අනුගමනය කළ යුතු බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සියලුම රාජ්‍ය නිලධාරීන්ට දැනුම් දී ඇත.

2024 අගෝස්තු 31 වන දින වන විටත් තම වත්කම් සහ බැරකම් ප්‍රකාශ ආයතන ප්‍රධානියා වෙත භාරදීමට අපොහොසත් වන නිලධාරීන්ට එරෙහිව 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ 90 වගන්තිය ප්‍රකාරව නඩු පැවරීමට කටයුතු කරන බව කොමිෂන් සභාව ප්‍රකාශ කරයි.

වත්කම් සහ බැරකම් ප්‍රකාශ ප්‍රමාද වී භාර දෙන නිලධාරීන්ගෙන් පරිපාලන දඩ මුදල් අය කරනු ලැබේ. මෙතෙක් ප්‍රකාශ භාර නොදුන් නිලධාරීන් සිටී නම්, එම ප්‍රකාශ කඩිනමින් ආයතන ප්‍රධානියා වෙත භාර දී, නියම විය හැකි දඩ මුදල අවම කර ගැනීමට පියවර ගන්නා ලෙස කොමිෂන් සභාව දැනුම් දෙයි.

මෙම වර්ෂයේ මාර්තු 31 දිනට අදාළ වත්කම් සහ බැරකම් ප්‍රකාශ භාර දිය යුතු නිලධාරීන්ට, එම ප්‍රකාශ ආයතන ප්‍රධානියා වෙත භාර දීම සඳහා ජුනි 30 වන දින අවසන් දිනය ලෙස දැනුම් දී තිබුණි.

ජුනි 30 දිනට පසුව ඉදිරිපත් කරනු ලබන වත්කම් සහ බැරකම් ප්‍රකාශ, ආයතන ප්‍රධානීන් විසින් භාරගත යුතුය. යම් හෙයකින් ආයතන ප්‍රධානියෙක් එම ප්‍රකාශ භාර ගැනීම ප්‍රතික්ෂේප කරන්නේ නම්, ඒ පිළිබඳව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ වත්කම් සහ බැරකම් අංශය වහාම දැනුවත් කරන ලෙස වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

தற்காலிக அடையாள அட்டைக்கான விண்ணப்பிக்கும் காலம் இன்றுடன் நிறைவு

Mohamed Dilsad

டிரம்ப் மனைவி மெலானியா மருத்துவமனையில் அனுமதி

Mohamed Dilsad

அணு ஆயுதங்களுடன் 1300 கிலோமீட்டர் தூரம்வரை சென்று தாக்கும் அதிநவீன ஏவுகணையை பரிசோதித்த பாகிஸ்தான்

Mohamed Dilsad

Leave a Comment