Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ට කැඳවීමේ සූදානමක්…?

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිව කාලයේ, ජනාධිපති ලේකම් ලෙස කටයුතු කළ ලලිත් වීරතුංග මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන ලෙස දන්වා ඇතැයි වාර්තා වෙයි.

ක්‍රීඩා අමාත්‍යාංශය සඳහා තීරුබදු රහිතව ආනයනය කරන ලද බස් රථයක් කාල්ටන් පෙර පාසලට ලබා දීම සම්බන්ධයෙන් එල්ල වන චෝදනාවක් එයට හේතු වී ඇතැයි සති අන්ත ඉංග්‍රීසි පුවත්පතක් වාර්තා කරයි.

මෙම චෝදනාව සම්බන්ධයෙන් විමර්ශනයක්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය විමර්ශන ආරම්භ කර ඇත.

එවකට ජනාධිපති ලේකම් කාර්යාලයේ අතිරේක ලේකම්වරයෙකුගෙන් ද ප්‍රශ්න කිරීමට නියමිතය.

මෙම පරීක්ෂණය ‘සිරිලිය’ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් CID විසින් සිදුකරන විමර්ශනයක කොටසකි. CID විසින් ‘සිරිලිය’ ගිණුමට අදාළ විවිධ අක්‍රමිකතා හතක් සම්බන්ධයෙන් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබුණි. ඒ සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලබාගන්නා ලෙස අධිකරණය CID වෙත නියෝග කර තිබුණි.

පසුව නීතිපති දෙපාර්තමේන්තුව CID වෙත දැනුම් දුන්නේ, සිද්ධීන් හතෙන් හයකටම අපරාධ චෝදනා ගොනු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවයි. පසුව එම නඩු ගොනුව අත්හැර දමන ලදි.

කෙසේ වෙතත්, බස් රථය සම්බන්ධයෙන් අලුත් සාක්ෂි මතුවීමත් සමඟ, CID විසින් අධිකරණයට නව කරුණු ඉදිරිපත් කර විමර්ශනය නැවත ආරම්භ කර ඇත.

Related posts

මෙරටින් හමුවූ වැඩිම කොරෝනා ආසාදිතයින් ඊයේ දිනයේදී

Mohamed Dilsad

මෙරට මුලු ආසාදිතයන් ගණන ඉහළට

Mohamed Dilsad

ජාතික පාසල් 170 ක විදුහල්පති පුරප්පාඩු

Mohamed Dilsad

Leave a Comment