Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

රන් පවුම ලක්ෂ 4 ට ළඟාවෙයි

ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි කැපී පෙනෙන වැඩිවීමක් සිදුව ඇති අතර ඊට සාපේක්ෂව මෙරට රත්‍රං මිල ගණන්න විශාල වශයෙන් ඉහළ ගොස් තිබේ.

මෙරට රත්‍රං මිල පසුගිය බ්‍රහස්පතින්දා දිනට සාපේක්ෂව රුපියල් 60,000කින් අද දිනය වනවිට ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි.

ඒ අනුව අද (16) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක් රු 10,000කින් ඉහළ ගොස් ඇති අතර, නව මිල රු. 360,800කි.

පසුගිය බ්‍රහස්පතින්දා දින එම මිල ගණන් දැක්වුණේ රු. 305,300ක් ලෙසය.

මේ අතර පසුගිය බ්‍රහස්පතින්දා දිනයේ දී රු. 330,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 390,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

Related posts

England’s Stokes a doubt for first test after father taken ill

Mohamed Dilsad

අල්ලස් කොමිෂන් සභාවට ප්‍රකාශයක් ලබාදුන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පිටව යයි.

Editor O

රාජිත, අර්ජුන, අනුර සාක්ෂි ලබාදීමකින් තොරව ජනපති කොමිසමෙන් යයි

Mohamed Dilsad

Leave a Comment