සිය ඉල්ලීම් වලට විසඳුම් ලිඛිතව ලැබෙන තෙක් දැනට දියත් කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අඛණ්ඩව ඉදිරියට ගෙනයනන බව විදුලි වෘත්තීය සමිති නායකයෝ පවසති.
විෂය භාර ඇමතිවරයා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව තම ඉල්ලීම් වලට විසඳුම් ලබා දෙනබවට එකඟතාවය පළ කර ඇතත් එම එකඟතාවයේ ලිඛිතව අවශ්‍ය බව වෘත්තිය සමිති පවසයි.
ඒකාබද්ධ මාධ්‍ය හමුවක් කැඳවමින් විදුලි වෘත්තිය සමිති ප්‍රකාශ කළේ, සිය ඉල්ලීම් ලබාදීමට බලධාරීන් වාචිකව එකඟ වී ඇති බවය.
ඒ අනුව ඊට අදාළ ලිඛිත එකඟතා ලැබීමෙන් පසු වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවන බවත් යම්හෙයකින් පොරොන්දු කඩ කළහොත් වැඩ වර්ජනයක් දක්වා වූ දැඩි ක්‍රියාමාර්ග වෙත යොමුවනන බව එම වෘත්තිය සමිති නායකයෝ වැඩිදුරටත් සඳහන් කළහ
