Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු නාවික හමුදාපති උළුගේතැන්න අත්අඩංගුවට ගෙන තියෙන්නේ සාක්ෂි නැතුව : මහාධිකරණයෙන් CID ලොක්කාට බැනුම්

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න මහතා අත්අඩංගුවට ගැනීමේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර ඇති ආකාරය දැඩිව විවේචනය කරමින් ඔහු ඇප මත මුදාහරින ලෙස කුරුණෑගල මහාධිකරණ විනිසුරු ටිකිරි ජයතිලක මහතා (14) නියෝග කළේය.

සාක්ෂි නොමැති අවස්ථාවකදී සැකකරුවකුට එරෙහිව කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ අපරාධ නඩුවිධාන සංග්‍රහයේ පැහැදිළිව දක්වා තිබෙන බවත්, එහි 116 වගන්තිය අනුව කටයුතු කළ යුතු බව ඇප නියෝගය ප්‍රකාශයට පත්කරමින් මහාධිකරණ විනිසුරුවරයා පවසා සිටියේය .

තවද, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙහි දී කටයුතු කර ඇති ආකාරයේ දෝෂ පෙන්වා දුන් විනිසුරුවරයා පැවසූවේ විමර්ෂන අංශයක ස්ථානාධිපති වැනි ජ්‍යෙෂ්ඨ තනතුරකට පත්කරන්නේ වසර 20කට වැඩි පළපුරුද්දක් ඇති නිලධාරීන්, එසේ පත්කිරීම් සිදුකිරීමෙන් බලාපොරාත්තු වෙන්නේ එම විමර්ශන නීත්‍යනුකූල තත්වයන් තුළ සිදු කළ යුතුයි.

සැකකරු සම්බන්ධයෙන් සාක්ෂි නොමැති අවස්ථාවක කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් පැහැදිළිව නඩු තීන්දු ගණනාවක් තිබෙනවා, මෙම නඩුවේදී ද එලෙස කටයුතු කළ යුතුව තිබුණු බව ද විනිසුරුවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ට දැනුම් දුන්නේය.

ඒ අනුව සැකකරුට විරුද්ධව නඩුවක් පවත්වාගෙන යෑමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවට මහාධිකරණයට නිරීක්ෂණය වන බව සඳහන් කරමින් සැකකරු ඇප මත මුදාහරින ලෙස විනිසුරුවරයා නියෝග කළේය.

ලංකාදීප

Related posts

පොලිස් බල ප්‍රදේශ 9ක් හුදෙකලා කෙරේ

Mohamed Dilsad

20ට එරෙහි පෙත්සම් සලකා බැලීම හෙට දිනයේත්

Mohamed Dilsad

கொழும்பு நகரில் யாசகத்தில் ஈடுபடும் செயற்பாடு ஜனவரி முதலாம் திகதி முதல் தடை

Mohamed Dilsad

Leave a Comment