දේශීයප්‍රමුඛ පුවත 2

20ට එරෙහි පෙත්සම් සලකා බැලීම හෙට දිනයේත්

(UTV |කොළඹ) – ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර ඇති පෙත්සම් පිළිබඳ වැඩිදුර සලකා බැලීම හෙට (02) දිනයේ සිදු කිරීමට නියමිතය.

අදාළ පෙත්සම් පිළිබඳ සලකා බැලීම දෙවන දිටත් ඊයේ (30) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බලුණි.

එහිදී යෝජිත 20 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොණුකර තිබු පෙත්සම් 32ක් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන්ගේ දේශන ඉදිරිපත් කිරීම අවසන් කර තිබේ.

එහිදී ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාෆා මහතා කරුණු දක්වමින් කියා සිටියේ යෝජිත 20 වන සංශෝධන පනත් කෙටුම්පතේ අඩංගු ඇතැම් කරුණුවලින් අධිකරණයේ ස්වාධිනත්වයට සහ මූලික අයිතිවාසිකම් කෙරෙහි අහිතකර බලපෑමක් සිදු කරන බවය.

ජනතාවගේ අධිකරණ බලය පාර්ලිමේන්තුව සතුවන බවත් එම බලය අධිකරණය හරහා ක්‍රියාත්මක විය යුතු බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සඳහන් කර ඇති බව පෙන්වා දුන් මුස්තාෆා මහතා සඳහන් කළේ 20 වන සංශෝධන පනත් කෙටුම්පත හරහා ජනතාව සතු අධිකරණ බලය පාර්ලිමේන්තුව විසින් ඉවත් කිරීමක් සිදු වන බවය.

එම නිසා අදාළ වගන්තිය සම්මත කිරීමට ජනමත විචාරණයක් සඳහා යොමු කිරීම අත්‍යාවශ්‍ය කරුණක් බව ජනාධිපති නීතිඥ ෆායිස් මුස්තාෆා මහතා අධිකරණය හමුවේ පැවසීය.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක නීතිඥ රවුෆ් හකීම් මහතා කරුණු දක්වමින් කියා සිටියේ තමා මෙම පනත් කෙටුම්පතට එරෙහිව පුද්ගලික පෙත්සමක් ඉදිරිපත් කරමින් පෙනී සිටින බවය.

ඊට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම්, පූජ්‍ය ඕමාරේ කස්සප, එම් දයාරත්න, ඩබ්ලිව්.ඒ වීරතිලක, පී.ජී.බී අබේරත්න යන අය විසින් ද අතරමැදි පෙත්සම් ගොණුකර තිබේ.

Related posts

IDH රෝහලෙන් පැනගිය කොරෝනා ආසාදිතයා සොයාගනී

Mohamed Dilsad

කඩු කිණිසි අතැතිව ව්‍යාපාරිකයා ට කළ තර්ජනය -CCTV

Mohamed Dilsad

සනීපාරක්ෂක නිෂ්පාදන ලබා ගැනීමේ දුෂ්කරතා සමනය කිරීමට පුණ්‍ය ආයතනයක්

Mohamed Dilsad

Leave a Comment