දේශීය

ප්‍රකාශයක් ලබාගැනීමට CCD ය රාජිත රඳවා සිටින කඳවුරට

(UTV | කොළඹ) – රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නගෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා කොළඹ අංක හතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් නියෝගයකට අනුව, අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් අද (28) ඔහු රඳවා සිටින විශෝධන මධ්‍යස්ථානය වෙත ගොස් තිබේ.

ඒ, පසුගිය මාර්තු 17 වනදා කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් ජනතාව තුළ අනියත බියක් සහ කැළඹීමක් ඇතිවන අයුරින් මාධ්‍ය හමුවකදී ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන්.

හිටපු මන්ත්‍රීවරයා රාජකීය – ශාන්ත තෝමස් මහා ක්‍රිකට් තරගය නැරඹීමට පැමිණි 25 දෙනෙකුට කොරෝනා රෝගය වැළඳී ඇති බවට  සඳහන් කල අතර එය අසත්‍යයක් බව පසුව පැවති මාධ්‍ය හමුවකදී සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආාරච්චි කියා සිටියාය.

Related posts

ධම්මිකගෙන් මෙරට ප්‍රමුඛ පෙ⁣ළේ ඉන්දීය ව්‍යාපාරිකයින්ට අවුරුදු 5කට වීසා

Mohamed Dilsad

ඩි.කේ.පි දසනායක රියර් අද්මිරාල් නිලයට උසස් කෙරේ

Mohamed Dilsad

ආර්ථික වර්ධන සියයට 2.9% වැටේ – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල

Editor O

Leave a Comment