සුළි කුණාටුවේ බලපෑම් ද සමග රටේ ආර්ථික ක්‍රියාකාරිත්වයට ඇතිවී ඇති අහිතකර බලපෑම් නිසා මේ වසරේ (2026) ආර්ථික වර්ධනය සියයට 2.9% ක් දක්වා සැලකිය යුතු ලෙස මන්දගාමී වනු ඇතැයි අපේක්‍ෂා කෙරේ. මුලින් මේ වසරේ (2026) දී සියයට 3.1% ක ආර්ථික වර්ධනයක් වාර්තා කරනු ඇතැයි මූල්‍ය අරමුදලේ වාර්තාවල සඳහන්ව තිබිණ.
එහෙත් දිට්වා සුළිකුණාටුවේ බලපෑම්වලින් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්යමණ්ඩල ඇස්තමේන්තුවල සඳහන් වන්නේ මේ වසරේ (2026) ආර්ථික වර්ධනය සියයට 2.9% ක් දක්වා පහත වැටෙනු ඇති බවයි.
දිට්වා විපතට පෙර රජයේ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමති අනිල් ජයන්ත මහතා රොයිටර් පුවත් සේවය සමග පැවති සාකච්ඡාවකදී සඳහන් කර තිබුණේ 2026 වසරේ ආර්ථික වර්ධනය සියයට 6% දක්වා ඉහළ නංවා ගැනීමට ඉලක්ක කර ඇති බවයි.
එසේම 2025 වසරේ ආර්ථික වර්ධනය මුලින් පුරෝකථනය කර තිබූ සියයට 4.5% සිට සියයට 4.2% දක්වා අඩු වනු ඇති බවද එම නව පුරෝකථනවල සඳහන් වේ.
ශ්‍යාම් නුවන් ගනේවත්ත
දිවයින
