Trending Newsඑසැන පුවත්දේශීය

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ආණ්ඩුව ට රතු එළි | 23දා රට පුරා රෝහල්වල වෛද්‍යවරු වැඩ වර්ජනයක් කැඳවයි…!

ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන ලබන 23 වනදා සිට රට පුරා රෝහල්වල අඛණ්ඩ වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළඹීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ. .

වෛද්‍යවරුන්ගේ ගැටළු විසඳීමට ආණ්ඩුව සාධනීය ලෙස ක්‍රියාත්මක නොවීම හේතුවෙන් එම තීරණයට එළඹුණු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කරයි.

සෞඛ්‍ය සේවයේ සහ වෛද්‍යවරුන්ගේ ගැටලු හඳුනාගනිමින් ඒවාට විසඳුම් ලබාදීම සඳහා අවශ්‍ය කෙටි කාලීන සහ දීර්ඝ කාලීන ප්‍රතිපත්ති හෝ ක්‍රියාමාර්ග කිසිවක් 2026 අයවැය යෝජනාවලිය තුළ, අන්තර්ගත නොවීම, සෞඛ්‍ය පද්ධතිය සහ සෞඛ්‍ය සේවකයින් තුළ බරපතල නොසන්සුන්තාවයක් සහ විරෝධතාවයක් මතුව තිබෙන බව එම සංගමය පෙන්වා දෙයි.

වෛද්‍යවරු මුහුණපා ඇති ගැටලු වලට විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලමින් අවස්ථා කිහිපයකදී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට නියැලුණත් එහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා ඊට මැදිහත්ව එම ඉල්ලීම්වලට විසඳුම් ලබා දෙන බව ලිඛිතව පොරොන්දු දී ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

ඒ අනුව සියලු කාණ්ඩවල වෛද්‍යවරුන් ඇතුළත් කර ගනිමින් “ශ්‍රී ලංකා වෛද්‍ය සේවය” නමින් සුවිශේෂී සේවා කාණ්ඩයක් බිහිකිරීම සඳහා සියලු පාර්ශ්වයන්ගේ සහභාගිත්වයෙන් සහ එකඟතාවයෙන් කෙටුම්පත් කර ඇති කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලබා ගෙන ඉදිරි කටයුතු සිදු කිරීම.

වෛද්‍යවරුන්ගේ DAT දීමනාව යාවත්කාලීන කිරීම, 22/99 චක්‍රලේඛයට අනුකූලව ප්‍රවාහන ගැටලු විසඳිම, අමතර රාජකාරි දීමනාව ස්ථාවර දීමනාවක් බවට පත් කිරීම සහ පර්යේෂණ දීමනාවේ ගැටලු විසඳිම සඳහා 2026.01.05 දින සිට මුදල් අමාත්‍යංශය සමඟ සාකච්ඡා ආරම්භ කිරීම.වැනි පොරොන්දුු ගණනාවක් ලබා දුන්නද ඊට මෙතෙක් විසඳුම් ලබාදීමට ඇමතිවරයා අපොහොසත් වී ඇති බව එම සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

Modi needs to find permanent solution to fishermen being shot at by Sri Lanka – DMK

Mohamed Dilsad

Correction: ‘Moonlight’ wins best picture. ‘La La Land’ was read in error

Mohamed Dilsad

Using power generators mandatory for factories

Mohamed Dilsad

Leave a Comment