Trending Newsඑසැන පුවත්දේශීය

විදුලි බිල වැඩි නොකිරීමට මහජන උපයෝගිතා කොමිෂම ගත් තීරණය, විපක්ෂ නායකගේ ඇගයීමට

විදුලි ගාස්තු වැඩි නොකිරීම සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසමට ස්තුතිවන්ත වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මහජන උපයෝගිතා කොමිසම විසින් ජනතාව ගැන සිතා, රජය විසින් ඉදිරිපත් කළ 6.8%ක ගාස්තු වැඩි කිරීම ප්‍රතික්ෂේප කර ඇති බව ප්‍රකාශයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා සඳහන් කර සිටියේය.

එසේම, ආණ්ඩුව මැතිවරණයේදී පැවසූ ආකාරයට, ඉදිරි දින කිහිපය තුළදී 33% කින් විදුලි ගාස්තු අඩු කිරීම ගැනද සලකා බලන ලෙස ඔහු මහජන උපයෝගිතා කොමිසම වෙත ඉල්ලීමක් කර සිටියේය.

“විදුලි බිල 6.8%කින් අසාධාරණ ලෙස වැඩි කිරීමට රජය ගත් තීන්දුව ප්‍රතික්ෂේප කිරීමට මහජන උපයෝගීතා කොමිසම අද ගත් තීන්දුව සම්බන්ධයෙන් මෙරට විදුලි පාරිභෝගික ජනතාව සහ සමස්ත පුරවැසි පරපුර වෙනුවෙන් මාගේ ස්තූතිය පිරිනමනවා.

මෙසේ විදුලි බිල වැඩි කිරීමට අදාළ රජයේ යෝජනා ප්‍රතික්ෂේප කළා සේම වත්මන් රජය පසුගිය ජනාධිපතිවරණයේ දී මහමැතිවරණයේ දී සහ පළාත් පාලන මැතිවරණයේ දී පොරොන්දු වූ ආකාරයට 33%කින් විදුලි බිල අඩු කිරීමට ද රජයට බල කරන ලෙස මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලා සිටිමි.’

Related posts

මොඩියුලයට සමලිංගික ලින්ක් දැම්ම කෙනා හෙළිවෙයි….!?..

Editor O

කොටස් වෙළෙදපොළ අදත් වැසෙයි

Mohamed Dilsad

ගුරුමාරු මණ්ඩලය විසුරුවා හැරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක්

Mohamed Dilsad

Leave a Comment