Trending Newsඑසැන පුවත්දේශීය

මනූෂගේ ඇප ඉල්ලීමට අදාළ නියෝගය ⁣කල් යයි

අල්ලස් කොමිසම විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදා හරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා විසින් ගොනුකර තිබෙන ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන 14 වනදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියමකළේය.

මනුෂ නානායක්කාර මහතා විසින් ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප ඉල්ලීම පිළිබඳව කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.

ඉකුත් රාජයේ සමයේ ඊශ්‍රායලයට කෘෂිකාර්මික රැකියා සඳහා සේවකයින් යැවීමේදී සිදුවී ඇති අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් සිදුකරන විමර්ශනයකට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂි ඇප ලබා දෙන ලෙස ඉල්ලා මනුෂ නානායක්කාර මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

Related posts

விளையாட்டுத் துப்பாக்கியை காட்டி அச்சுறுத்திய ஹம்பாந்தோட்டை மேயருக்கு 5 வருட சிறை

Mohamed Dilsad

Minister Mahinda Amaraweera assures Facebook ban will be lifted soon

Mohamed Dilsad

Two Police officers arrested over Point Pedro shooting

Mohamed Dilsad

Leave a Comment