Trending Newsඑසැන පුවත්දේශීය

අත්අඩංගුවට ගත් හානි පූර්ණ කාර්යාලයේ (හිටපු) වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල්වරිය ඇප මත මුදාහැරේ

අල්ලස් කොමිෂම මගින් අත්අඩංගුවට ගත් හානි පූර්ණ කාර්යාලයේ හිටපු වැඩ බලන අධ්‍යක්ෂ ජෙනරාල් හා වත්මන් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරියක වන සේපාලිකා සමන් කුමාරි නැමැත්තිය ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළ බව වාර්තා වේ.

අල්ලස් කොමිෂමේ නිලධාරීන් හා සැකකාරියගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස් බෝදරගම මෙම නියෝගය නිකුත් කර ඇත.

ඒ අනුව සැකකාරිය රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීරය අප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙසත් නියම කළ බව පැවසේ.

එමෙන්ම හානි පූර්ණ කාර්යාලය කටයුතුවලට සම්බන්ධ නොවන ලෙස සැකකාරියට නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා සැකකාරිය හානි පූර්ණ කාර්යාලය කටයුතු වලට යෙදවීමට කටයුතු නොකරන ලෙස අමාත්‍යංශය ලේකම්ට නියම කළ බව පැවසේ.

සැකකාරිය දීර්ඝ කාලයක් රාජ්‍ය සේවයේ නිරත වීම සහ ඇය මෙම සිද්ධිය හරහා මූල්‍ය වාසියක් ලබා නොගැනීම යනාදී කාරණා සුවිශේෂි කරුණු ලෙස සැලකිල්ලට ගනිමින් මෙම ඇප නියෝගය ප්‍රකාශයට පත් කරන බවත් මහෙස්ත්‍රත්වරයා සඳහන් කර ඇත.

ඉන් අනතුරුව පැමිණිල්ල මේ මස 14 වනදා කැඳවීමට ද නියම වී ඇති අතර, හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාට අයත් මහවැලි ඉඩමක ඉදිකර තිබූ ගොඩනැගිල්ලක් අරගලකරුවන් විසින් විනාශ කිරීමෙන් අනතුරුව ඊට වන්දි වශයෙන් රුපියල් 8,850,000/- ක මුදලක් ගෙවීම සඳහා කුමන්ත්‍රණය කිරීම හා ආධාර අනුබලදීම සම්බන්ධයෙන් මෙම සැකකාරිය අල්ලස් කොමිෂම විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

Related posts

Six suspects arrested with 13.2 kg of dried turtle meat

Mohamed Dilsad

பெண் சட்டத்தரணி பிணையில் விடுதலை

Mohamed Dilsad

புகையிரதத்துடன் மோதி ஒருவர் பலி

Mohamed Dilsad

Leave a Comment