Trending Newsඑසැන පුවත්දේශීය

පොලිසියේ ස්ථාන මාරු ගැන පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක්

පොලිස් මාරුවීම් සම්බන්ධයෙන් අද (08) දින පාර්ලිමේන්තුවේදී උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

පොලිස් මාරුවීම්, පොලිස් කොමිෂමෙන් පිට පොලිස්පතිවරයාට ලබාදීමේ ක්‍රියාවලියක් සිදුවන බවත්, එසේ නොකරන ලෙසත් අද පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා ආණ්ඩු පක්ෂයෙන් ඉල්ලා සිටියේය.

අනතුරුව නැගී සිටි දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ 2017 වර්ෂයේ සිට පොලිස් කොමිසම මගින් මාරුවීම් දිගටම සිදුවන බවත්, මේ අවස්ථාවේ එය පොලිස්පතිවරයා වෙත පැවරීම නොකළ යුත්තක් බවය.

මේ වන විට පොලිස් ස්ථානාධිපතිවරු 32 ක් හා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු කිහිපදෙනෙක්ම පොලිස් කොමිෂමට පරිබාහිරව මාරු කර ඇති බවද ඔහු ප්‍රකාශ කලේය.

පොලිස් කොමිෂමේ ප්‍රධාන අරමුණ වී තිබෙන්නේ නිර්දේශපාලනීකරණය නිසා, පොලිස් කොමිෂම ආණ්ඩුවේ රූකඩයක් හෝ පඹයෙක් කිරීම නොකරන ලෙස මෙහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ‍ය.

ඊට පිළිතුරු ලබාදෙමින් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේ, පොලිස් කොමිෂමට අනුව මෙම මාරුවීම් සිදුවන බවත්, පොලිස් කොමිසම කැමැත්තෙන් සමහර කරුණු පොලිස්පතිවරයාට ලබා දී ඇති බවය.

එහිදී පොලිස් කොමිසමට අභියාචනා භාරදීමට හැකියාව පවතින බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

Related posts

“Buddhism is given due place; Not ready to betray war heroes” – Foreign Minister

Mohamed Dilsad

වැල්ලවත්තේ රෙදිපිළි වෙළෙඳසැලක ගින්නක්

Mohamed Dilsad

ගල් අඟුරු ගන්න රුසියාවේ පොටෙන්ෂියා සමාගමට ලියාපදිංචිය දුන්නේ මේ ආණ්ඩුව – ඩී. වී චානක

Editor O

Leave a Comment