Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

රන් මිල ඉහළ ට

ලෝක රන් මිල ඉතිහාසයේ ප්‍රථම වතාවට අමෙරිකානු ඩොලර් 4,000 සීමාව ඉක්මවා යමින් වාර්තාගත ඉහළ අගයක් සනිටුහන් කර තිබේ.

ආසියානු වෙළෙඳපොළේ අද (08) උදෑසන වන විට, ක්ෂණික බෙදාහැරීම සඳහා වන රන් මිල (Spot gold) අවුන්සයක් ඩොලර් 4,016 ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගෝලීය වෙළඳාමට බලපාන තීරුබදු ප්‍රකාශයට පත් කිරීමෙන් පසු, අප්‍රේල් මාසයේ සිට රන් මිල 25%කට වඩා ඉහළ ගොස් තිබුණි.

එමෙන්ම මෙය 1970 දශකයෙන් පසු වාර්තා වූ විශාලතම රන් මිල ඉහළ යෑම ලෙසයි සැලකේ.

මහජන වියදම් සම්බන්ධයෙන් ඇති වූ මතභේද හේතුවෙන් අමෙරිකානු රජය වසා දැමීමේ (US government shutdown) තත්ත්වය දෙවන සතියටත් පා තබමින් තිබෙන අතර මෙහි ප්‍රතිඵලයක් ලෙස වැදගත් ආර්ථික දත්ත නිකුත් කිරීම ප්‍රමාද වීම ආයෝජකයින් තවදුරටත් කනස්සල්ලට පත් කර ඇත.

සිංගප්පූරුව පදනම් කරගත් OCBC බැංකුවේ ක්‍රිස්ටෝපර් වොන්ග් (Christopher Wong) පවසන්නේ රජයේ වසා දැමීම “රන් මිලට වාසිදායක තත්ත්වයක්” (tailwind for gold prices) බවය.

Related posts

ධනුෂ්කගේ ක්‍රිකට් තහනම ඉවත් කිරීම නීත්‍යනුකූල නොවන බවට ප්‍රකාශයක්

Mohamed Dilsad

හිටපු CID අධ්‍යක්ෂ ශානි අබේසේකර අත්අඩංගුවට

Mohamed Dilsad

පුරාවිද්‍යා නැරඹුම් ස්ථාන විවෘත කිරීමට සැලසුම්

Mohamed Dilsad

Leave a Comment