දේශීය

වැල්ලවත්තේ රෙදිපිළි වෙළෙඳසැලක ගින්නක්

( UTV | කොළඹ ) – වැල්ලවත්ත, ඩබ්ලිව්. . සිල්වා මාවතේ රෙදිපිළි වෙළෙඳසැල් පෙළක මේ වනවිට ගින්නක්හටගෙන තිබේ.

ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ගින්න මැඩ පැවැත්වීමට සඳහා සේවා රථ 5 ක් පිටත් කර යැවූ බවයි.

දෙහිවලගල්කිස්ස මහ නගර සභාවේ ගිනි නිවීම් රථයක් ගින්න මැඩපැවැත්වීම සඳහා යොදවා ඇත.

මේ හේතුවෙන් ගාලු පාරේ, දෙහිවල සිට කොළඹ දෙසට ගමන් කරන මංතීරුව, වැල්ලවත්ත රාමක්‍රිෂ්ණ මංසන්ධියෙන් වසා දමාතිබේ.

පොලීසිය සඳහන් කළේ, රාම ක්‍රිෂ්ණ මංසන්ධියේ සිට ඩබ්ලිව්. . සිල්වා මංසන්ධිය දක්වා ගාලු පාරේ කොළඹ දෙසට පැමිණෙනමංතීරුව එලෙස වසා දමා ඇති බවයි.

කොළඹ දෙසට පැමිණෙන වාහන සමුද්‍රාසන්න මාවත ඔස්සේ ගමන් කළ යුතු බව පොලීසිය පැවසුවේ .

Related posts

ඇමරිකා ජනාධිපතිට ඩොලර් මිලියන 25ක වන්දියක්

Editor O

කොවිඩ් රෝග ලක්ෂණ ගැන අවධානයෙන් සිටින්නැයි සෞඛ්‍ය අංශ ඉල්ලයි

Mohamed Dilsad

මිල සූත්‍රය ක්‍රියාත්මක වූවානම් ඉන්ධන මිල රුපියල් 20 කින් අඩුවන බව හිටපු ඇමති මංගල කියයි

Mohamed Dilsad

Leave a Comment