දේශීය

කොවිඩ් රෝග ලක්ෂණ ගැන අවධානයෙන් සිටින්නැයි සෞඛ්‍ය අංශ ඉල්ලයි

(UTV | ගම්පහ) – මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුර ආශ්‍රයෙන් සිදුව ඇති කොවිඩ් මරණවලින් සැලකියයුතු සංඛ්‍යාවක් නිවසේදී සිදුවූ මරණ ලෙස වාර්තාවන බව විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරයි.

මේ වන විට හුදෙකලා කර ඇති දැඩි අවදානම් කලාපවල සිටින වැඩිහිටියන් සහ නිධන්ගත රෝග ඇති පිරිස් අලුත් රෝග ලක්ෂණ පිළිබඳව වැඩි අවධානයකින් සිටිය යුතු බවය.

“අධි අවදානම් කලාපවල සිටින වැඩිහිටියන් සහ නිධන්ගත රෝග ඇති පිරිසට යම්කිසි අලුත් රෝග තත්ත්වයක් ඇති වුණොත් ඉක්මණින්ම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීම අවශ්‍යයි. එය උණ වෙන්න පුළුවන්, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, උගුරේ වේදනාව හෝ හුස්ම ගැනීමේ අපහසුව වෙන්න පුළුවන්. එහෙමත් නැතිනම් දුර්වලවීමක්, ආහාර අරුචිය, ගඳ සුවඳ නොදැනීම වගේ රෝග ලක්ෂණ වෙන්න පුළුවන්. ඒ වගේ දෙයක් තියෙනවා නම් ඉක්මණින්ම වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සුදුසුයි. එහෙම නොමැතිනම් 1999 අංකයට කථාකර උපදෙස් ලබා ගන්න පුළුවන්. එවැනි රෝග තත්ත්වයක් උත්සන්න වෙනකම් බලාගෙන ඉන්න එපා. පසුගිය ඔක්තෝබර් මස 04 වනදා සිට මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුර හඳුනාගැනීමෙන් පසු මියගිය කොවිඩ් ආසාදිතයින් 81 දෙනාගෙන් සැලකියයුතු පිරිසක් නිවෙස්වලදී මියගොස් තිබෙනවා,” යනුවෙන් විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය.

මේ දක්වා මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරෙහි සමස්ත ආසාදිතයන් ගණන 17,436 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර ඊයේ සිදු වූ මරණ 04 ද සමගින් මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 94 ක් දක්වා ඉහළ ගියේය.

 

 

 

Related posts

ශී‍්‍ර ලාංකිකයින් තිදෙනෙකුට ඩුබායි අධිකරණය දඩ ගසයි

Mohamed Dilsad

සිනොෆාම් එන්නතේ මාත්‍රා ලක්ෂ 06 ක් හෙට දිවයිනට

Mohamed Dilsad

අවසන් වරට හමුවූ ආසාදිතයන්ගෙන් 11 දෙනෙකු නාවික හමුදාවේ

Mohamed Dilsad

Leave a Comment