දේශීය

නිලධාරිනියකට පහරදුන් ඉංජිනේරුවරයා ඇප මත නිදහස්

(UTV |කොළඹ) – බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ උඩුගම්පොළ කාර්යාලයේ කළමනාකරණ සහකාර නිලධාරිනියකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එහි ඉංජිනේරුවරයා ඇප මත මුදා හැරේ.

ඔහු ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද පස්වරුවේ ඉදිරිපත් කෙරුණු අතර මෙහිදී අධිකරණය රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත ඔහු මුදා හැර තිබේ.

පහර දුන් බව කියන ඉංජිනේරුවරයා අද උදෑසන ගම්පහ පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ පහර කෑ නිලධාරිනිය විසින් පොලීසියට කළ පැමිණිල්ලකට අනුවය.

Related posts

අද රාත්‍රී 11 සිට සඳුදා අලුයම 4 තෙක් වෙළඳසැල් විවෘත කිරීමට අවසර නැහැ

Mohamed Dilsad

මැතිවරණ කොමිසමේ විශේෂ රැස්වීමක්

Mohamed Dilsad

මෙරට රැකියා නොමැති පිරිසගේ අනුපාතය ඉහළට

Mohamed Dilsad

Leave a Comment