දේශීයව්‍යාපාරික

මෙරට රැකියා නොමැති පිරිසගේ අනුපාතය ඉහළට

(UTV | කොළඹ) –  මේ වසරේ පළමු කාර්තුවේදී මෙරට රැකියා විරහිත පුද්ගලයින් සංඛ්‍යාව 483,172 ක් බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති නවතම වාර්තාවල දැක්වෙයි.

එය ප්‍රතිශතයක් ලෙස 5.7% ක් සඳහන්වන අතර , කෙසේවෙතත් පසුගිය වසරේදී පළමු කාර්තුවේ මෙරට රැකියා වියුක්ති අනුපාතිකය පැවතියේ 4.7% ක් ලෙසයි.

මේ අතර මෙම වසරේ අප්‍රේල් මාසයට සාපේක්ෂව මැයි මාසයේ දී මෙරට ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතයේ පහළ යාමක් දක්නට ලැඛෙන බව ද ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

අප්‍රේල් මාසය අවසානයේදී මෙරට සක්‍රීය ක්‍රෙඩිට් කාඩ්පත් සංඛ්‍යාව 18 ලක්ෂ 22 දහස් 046 ක්වූ අතර එය මැයි මාසය තුළ දී 18 ලක්ෂ 21 දහස් 108 ක් දක්වා පහල බැස ඇත.

2019 වසරේ දෙසැම්බර් අවසාන වන විට මෙරට පැවති සක්‍රීය ක්‍රෙඩිට් කාඩ්පත් ප්‍රමාණය 18 ලක්ෂ 29 දහස් 927 ක්.

Related posts

ඩෙංගු ගැන සාවද්‍ය තොරතුරු සමාජගතවීම වැළැක්වීම සඳහා විශේෂ අවධානයක්

Editor O

කොළඹ කොරෝනා ප්‍රතිශක්තිය ගැන වාර්තාව ලබන සතියේ

Mohamed Dilsad

කැළණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය වගට සීමා කෙරේ

Mohamed Dilsad

Leave a Comment