දේශීයව්‍යාපාරික

මෙරට රැකියා නොමැති පිරිසගේ අනුපාතය ඉහළට

(UTV | කොළඹ) –  මේ වසරේ පළමු කාර්තුවේදී මෙරට රැකියා විරහිත පුද්ගලයින් සංඛ්‍යාව 483,172 ක් බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති නවතම වාර්තාවල දැක්වෙයි.

එය ප්‍රතිශතයක් ලෙස 5.7% ක් සඳහන්වන අතර , කෙසේවෙතත් පසුගිය වසරේදී පළමු කාර්තුවේ මෙරට රැකියා වියුක්ති අනුපාතිකය පැවතියේ 4.7% ක් ලෙසයි.

මේ අතර මෙම වසරේ අප්‍රේල් මාසයට සාපේක්ෂව මැයි මාසයේ දී මෙරට ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතයේ පහළ යාමක් දක්නට ලැඛෙන බව ද ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

අප්‍රේල් මාසය අවසානයේදී මෙරට සක්‍රීය ක්‍රෙඩිට් කාඩ්පත් සංඛ්‍යාව 18 ලක්ෂ 22 දහස් 046 ක්වූ අතර එය මැයි මාසය තුළ දී 18 ලක්ෂ 21 දහස් 108 ක් දක්වා පහල බැස ඇත.

2019 වසරේ දෙසැම්බර් අවසාන වන විට මෙරට පැවති සක්‍රීය ක්‍රෙඩිට් කාඩ්පත් ප්‍රමාණය 18 ලක්ෂ 29 දහස් 927 ක්.

Related posts

මහින්ද රාජපක්ෂ ට විජේරාම නිවස දුන් යහපාලන ආණ්ඩුවේ රැස්වීමට අනුරත් ආවා..- රනිල් වික්‍රමසිංහ

Editor O

තමා පිළිබඳව ගෙන යන සාවද්‍ය ප්‍රචාරයන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග – පී.බී

Mohamed Dilsad

පෙර පාසල් සඳුදා ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment