දේශීය

කොළඹ කොරෝනා ප්‍රතිශක්තිය ගැන වාර්තාව ලබන සතියේ

(UTV | කොළඹ) – කොරෝනා වෛරසයට එරෙහිව කොළඹ නගරයේ ජනතාව තුළ ප්‍රතිශක්තිය ගොඩනැගී ඇති පිරිස් සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනය ආරම්භ කළ පර්යේෂණයේ වාර්තාව ලබන සතිය තුළ සෞඛ්‍ය අමාත්‍යාංශයට භාරදීමට නියමිත බව වාර්තා වෙයි.

එහි අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර කියා සිටියේ කොළඹ නගරයෙන් වාර්තාවූ කොරෝනා ආසාදිතයන්ගේ පළමු පෙළ ආශ්‍රිතයන්ගේ රුධිර සාම්පල පරීක්ෂා කිරීමෙන් ඔවුන් තුළ ප්‍රතිදේහ ගොඩනැගී ඇත්ද යන්න පිළිබඳව මෙහිදී පර්යේෂණ සිදුකර ඇති බවයි.

එමෙන්ම එන්නත්කරණ ක්‍රියාවලියටද මෙම පර්යේෂණයේ දත්ත ඵලදායී ලෙස යොදාගත හැකි බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා ප්‍රකාශ කළේය.

මීට අමතරව ඊයේ දිනය තුළ මෙතෙක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති වැඩිම දෛනික කොවිඩ් ආසාදිත මරණ ගණන වාර්තා විය.

ඒ අනුව ඊයේ දිනය තුළ දී තහවුරු කර ඇති කොවිඩ් මරණ ගණන 13 කි.

 

Related posts

ඔලිව් තෙල් මිල ඉහළයාමේ අවදානමක්

Mohamed Dilsad

පාඨලීගේ රියදුරුට ඇප

Mohamed Dilsad

තවත් ආසාදිතයින් පිරිසක් සුවය ලබයි

Mohamed Dilsad

Leave a Comment