Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

වාහන ආනයනය ගැන තීරණය අගෝස්තු මාසයේදී 

(UTV | කොළඹ) –

එළඹෙන අගෝස්තු මාසයේදී වාහන ආනයනය කිරීම සිදුවෙන ආකාරය ගැන යම් ආරම්භයක් දිය හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කරයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා එසේ පැවසීය.  වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා, “අපි යොමු වෙලා ඉන්නේ වැඩිපුර විදුලියෙන් ක්‍රියා කරන වාහන ගේන්න. වාහන ආනයනය කරන්නේ කොහොමද කියලා යම් ආරම්භයක් දෙන්න සූදානමින් ඉන්නවා. ඊට අදාළ කමිටු වාර්තාව අගෝස්තු මස දෙවන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනවා. එම කමිටු වාර්තාවට වාහන ආනයනකරුවන්ගේ වගේම රජයේ පාර්ශ්වයේ අදහස් ලබාගෙන තියෙනවා. එකී වාර්තාවේ නිර්දේශ අනුව අගෝස්තු මාසයේ දෙවෙනි සතියෙන් පසු වාහන ආනයනය පිළිබඳ තීරණයක් ගන්නවා. යැයි ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

Related posts

ජර්මනියේ මැතිවරණයෙන් කන්සවේටිව් පක්ෂයට ජය

Editor O

කොරෝනා රෝගීන් 8ක් දැඩි සත්කාර ඒකකවල

Mohamed Dilsad

CID team in Saudi to bring back NTJ member

Mohamed Dilsad

Leave a Comment